General12 July 2026

තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා වර්ධනය විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එබැවින් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවදානයෙන් පසුවන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes