ඩෙංගු උවදුර හේතුවෙන් සති දෙකක කාලයක් වසා තබා තිබූ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය හෙට (13) සිට යළි විවෘත කිරීමට පියවර ගෙන ඇති බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරනවා.
විශ්වවිද්‍යාලය යළි විවෘත කිරීමට පෙර එහි පරිශ්‍රය පිරිසිදු කිරීමේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් 'Clean Sri Lanka' වැඩසටහන යටතේ අද (12) දවස පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඇති 'Clean ශ්‍රී ලංකා' ලේකම් කාර්යාලය විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහනේදී සෞන්දර්ය විශ්වවිද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීම, දුමායනය කිරීම සහ මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම සිදුකරන තිබෙනව.
මේ සඳහා කොළඹ නගර සභාවේ බොරැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්, යුද හමුදාව, නාවික හමුදාව සහ විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය එක්ව සිටියා.
පරිශ්‍රය පිරිසිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී ආචාර්ය චානි ඉඹුල්ගොඩ කියා සිටියේ, සාර්ථකව සිදුකළ මෙම පිරිසිදු කිරීම්වලින් පසුව විශ්වවිද්‍යාලය හෙට (13) සිට විවෘත කිරීමට හැකි වන බවයි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අවධාරණය කළේ, මෙවැනි පොදු ස්ථාන තමන්ගේම ස්ථාන යැයි සලකා පිරිසිදු කර ගැනීමට සිසුන් මෙන්ම දෙමාපියන්ද එක්විය යුතු බවයි.
Latest News
ඩෙංගු නිසා සති දෙකක් වසා තැබූ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට සිට යළි විවෘතයි
Local
12 July 2026
ඒකාබද්ධ විරෝධතාවක් සඳහා නාමල්ගෙන් සජිත්ට ලිපියක්
Local
12 July 2026
වෙරළේ මසුන් අල්ලමින් සිටියදී රළ පහරකට හසු වූ 19 හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
Local
12 July 2026
88 හැවිරිදි පියා කැපුම් තුවාල සහිතව මියයයි: විශ්‍රාමික නාවික සෙබළ පුත්‍රයා අත්අඩංගුවට
Local
12 July 2026
පකිස්ථානයේ ගුවන් ගමන් ගාස්තු ඉහළ යන ලකුණු
Local
12 July 2026
ඉරානයෙන් අමෙරිකාවට නිල අනතුරු ඇඟවීමක්
Local
12 July 2026
කුවේට් ගුවන් සීමාවට ඇතුළු වූ සතුරු ඉලක්ක වෙත එරට හමුදාවෙන් ප්‍රහාර
Local
12 July 2026
ඕමානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්‍රහාරයක්
Local
12 July 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේදී දෙවැනි නෞකාවටත් ඉරානයෙන් ප්‍රහාර
Local
12 July 2026
කැනඩාවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට: තවත් පිරිසකට තුවාල
Local
12 July 2026