General12 July 2026

ලෝකයේ දරුණුම වාහන තදබදය තිබෙන රටවල් අතරින් ලංකාවට 3 වැනි තැන

ලෝකයේ වඩාත්ම දරුණු රථවාහන තදබදයක් සහ මාර්ග අවහිරතාවක් පවතින රටවල් ශ්‍රේණිගත කිරීම්හි 3 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජාත්‍යන්තර දත්ත වාර්තා අනාවරණය කරනවා.

ගෝලීය වශයෙන් ජීවන තත්ත්වයන් සහ පාරිභෝගික දර්ශක පිළිබඳ දත්ත රැස් කරන ප්‍රකට ‘Numbeo’ ආයතනය විසින් නිකුත් කරන ලද 2026 වසරේ මධ්‍ය කාලීන රථවාහන දර්ශකයට (Traffic Index by Country 2026 Mid-Year) අනුවයි ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ.

මෙම නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව ලකුණු 254.5 ක ඉහළ දර්ශක අගයක් වාර්තා කරමින් සමස්ත ලෝකයෙන්ම තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර, ශ්‍රී ලංකාවට ඉදිරියෙන් පසුවන්නේ නයිජීරියාව සහ කොස්ටාරිකාව යන රටවල් දෙක පමණයි.

සර්බියාව පදනම් කරගත් ‘Numbeo’ සබැඳි දත්ත පද්ධතිය මඟින් ලොව පුරා වෙසෙන සාමාන්‍ය ජනතාව සහ ගමන් බිමන් යන මගීන් සැබෑ ලෙස අත්විඳින තොරතුරු සෘජුවම උපයෝගී කර ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබෙනවා.

ඒ අනුව ලොව දරුණුම රථවාහන තදබදය සහිත රටවල් 10 වන්නේ,

01 නයිජීරියාව
02 කොස්ටාරිකාව
03 ශ්‍රී ලංකාව
04 බංග්ලාදේශය
05 කෙන්යාව
06 ඊජිප්තුව
07 පේරු
08 ඉරානය
09 ඉන්දියාව
10 කොලොම්බියාව යන රටවල් බවයි එම වාර්තාවේ සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes