මෙරට වකුගඩුවල ගල් රෝගයෙන් පීඩා විඳින දහස් සංඛ්‍යාත රෝගීන්ගේ ශල්‍යකර්ම සඳහා දැනට පවතින 5,000 කට අධික පොරොත්තු ලේඛනය අවම කිරීමේ අරමුණින් දිවයිනටම සේවා සැලසීමට පිහිටුවූ “මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය” සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අද (12) ජනතා අයිතියට පත් කෙරුණා.
ශ්‍රී ලංකාවේ වකුගඩු ආශ්රිත ගල් රෝගය බහුලව දැකිය හැකි අතර, දිවයින පුරා විශේෂඥ මූත්‍රා රෝග ඒකක 30 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වුවද යටිතල පහසුකම්වල සීමාවන්, ශල්‍යාගාර අවමවීම සහ නවීන එන්ඩොයුරොලොජිකල් තාක්ෂණයට ඇති සීමිත ප්‍රවේශය හේතුවෙන් ප්‍රතිකාර සඳහා පවතින ඉල්ලුම ඉතා ඉහළ මට්ටමක පැවතුණා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග (NCD) කාර්ය සාධක බලකාය වෙත ඉදිරිපත් වූ යෝජනාවක් අනුව අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි වසර 20ක් තිස්සේ සිදු කරගත නොහැකිව තිබූ මෙම කර්තව්‍යය ශ්‍රී ලංකා මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ (SLAUS) සහයෝගය ඇතිව මාස 03ක් වැනි කෙටි කලක් තුළ නිම කිරීමට හැකි වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මෙහිදී උත්සව සභාව ඇමතූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, මෙරට සෞඛ්‍ය පද්ධතියේ පවතින ගොඩනැගිලි, උපකරණ සහ මානව සම්පත නිසි කළමනාකරණයකින් යුතුව උපරිම ධාරිතාවයෙන් ප්‍රයෝජනයට ගත යුතු බවයි.
නිසි සැලසුමකින් තොරව ඉදිකිරීම් කිරීම නිසා සෞඛ්‍ය සේවාවේ ඌණ උපයෝජිත ගොඩනැගිලි රාශියක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නීති සහ ප්රඥප්තිවලට මුවා වී සේවා පවත්වාගෙන යාමෙන් ජනතාවට ප්රතිලාභ අත් නොවන බැවින්, පොරොත්තු ලේඛන මඟහැර සමස්ත ජනතාවටම නීරෝගීව සෞඛ්‍ය සේවාවට පිවිසීමට වැඩපිළිවෙලක් සැකසිය යුතු බවත් පැවසුවා.
මෙම ව්‍යාපෘතිය යටතේ රජයේ සෞඛ්‍ය සේවයේ නියුතු දිවයිනේ සියලුම විශේෂඥ මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ට තම රෝගීන් මෙම මධ්‍යස්ථානයට රැගෙන විත් නවීන තාක්ෂණික පහසුකම් යටතේ ශල්‍යකර්ම සිදු කිරීමට අවස්ථාව සැලසෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මප්‍රිය විජේසිංහ, චමින්ද ලලිත් කුමාර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකා මෞත්‍රලිංගික ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රසේකර, මීරිගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය චමින්ද ප්‍රේමරත්න ඇතුළු වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩල නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියා.
Latest News
ඩෙංගු වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
Local
12 July 2026
මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ මධ්‍යස්ථානය ජනතා අයිතියට
Local
12 July 2026
ලෝකයේ දරුණුම වාහන තදබදය තිබෙන රටවල් අතරින් ලංකාවට 3 වැනි තැන
Local
12 July 2026
ඉරානයේ සන්නිවේදන කුළුනකට අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්
Local
12 July 2026
වන අලි ප්‍රහාරයකින් පාදයක් අහිමි වූ ගොවියාට තණමල්විල පොලිස් ස්ථානාධිපතිගෙන් රෝද පුටුවක්
Local
12 July 2026
තුන් පිම්මෙන් නෙත්මි මධුෂානි ආසියාවෙන්ම ලෝකඩ පදක්කම දිනාගනියි
Local
12 July 2026
ක්‍රිකට් සල්ලි කෝටි 68ක් නීතිඥයන්ට පූජා කරලා: නඩු දාන්න ක්‍රිකට් ආයතනයෙන් අතිදැවැන්ත නාස්තියක්
Local
12 July 2026
මධ්‍ය නිලධාරීන් 34ක් අධිකාරියට පත් කෙරේ:
Local
12 July 2026
කාලගුණික දේශගුණික විපර්යාස යනු ජාතික ආරක්ෂක ගැටලුවක් සේ සලකා කටයුතු කළ යුතු දෙයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
12 July 2026
සමාගම් සහ සමිති ලියාපදිංචි ගාස්තු සංශෝධනය කෙරේ: වසන්තගෙන් ගැසට් එකක්
Local
12 July 2026