General16 July 2026

''රජය ඒකාධිපති මෙවලම්වලින්ම මත්වෙලා'' - දිනන දකුණ

වත්මන් රජය ඒකාධිපති මෙවලම්වලින්ම මත් වී ඇති බවත්, මෙය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවාදීමක් බවත් මෙම ජනමතයෙන් පිළිඹිබු වන බව 'දිනන දකුණ' (දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමූහිකය) සංවිධානය පවසනවා.

එම සංවිධානය මේ පිළිබඳව සඳහන්කර සිටියේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) මෑතකදී නිකුත් කළ "සමාජ දර්ශක" මත විමසුම් දත්ත සම්බන්ධයෙන් අද (16) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

මහජනතාව දැනට රජයට සහන කාලයක් ලබා දී ඇත්තේ තමන් විසින්ම බලයට පත්කරනු ලැබූ රජයක් පිළිබදව විශ්වාසය තවදුරටත් පවත්වා ගැනීම නිසා බවයි මෙහිදී අනාවරණය වුණේ.මෙසේ පළකරනු ලබන විශ්වාසය මත රජයයේ ක්‍රමානුකූල කාර්යක්ෂමතාවය ඉහළ දමා ගැනීමේ අපේක්ෂාව මත බවට "සමාජ දර්ශක" මත විමසුම් දත්ත මඟින් පිළිඹිඹු වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, පාලනයේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවීම ඇනහිටින විට සහ ආර්ථික දුෂ්කරතා දිගින් දිගටම පවතින විට, රජය වෙනුවෙන් තම විශ්වාසය මත ලබාදෙන සහන කාලය කෙටි වීමේ සම්භාවිතාවයක් මෙම මත විමසුම තුළින්ම පෙන්නුම් කර තිබෙන බවත් එම නිවේදනයේ සඳහන්.

මෙම මත විමසුම මගින් එළිදක්වන දත්ත, අතිශය සිත්ගන්නා සුලු අතර එමෙන්ම එම දත්ත මගින් වර්තමාන සමාජය තුළ පවතින ආකල්පයන්ගේ විරෝධාභාෂයන් මැනවින් පෙන්නුම් කොට තිබෙන බවත්
මහජනතාව ප්‍රධාන වශයෙන් තමන් මුහුණ දෙන ආර්ථික ගැටලු පිළිබඳව දැඩි කළකිරීමකින් පසුවන අතරේම, රජයේ පාලන ධාරිතාව සහ නායකයා කෙරෙහි තවමත් අතිමහත් ලෙස "සතුටින්" පසුවන බව පෙන්නුම් කරන බවයි එම නිවේදනය මඟින් ඔවුන් පෙන්වා දෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes