General18 July 2026

නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්

මෙරට නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අතර නිල හමුවක් ඊයේ (17) සිදු වුණා.

ඒ පොලිස් මූලස්ථානයේදීයි.

පොලිස් මූලස්ථානය වෙත පැමිණි නාවික හමුදාපතිවරයාව, පොලිස්පතිවරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගෙන තිබුණා.

එහිදී රටේ නීතිය හා සාමය තහවුරු කිරීම, මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සහ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes