ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ආබාධ සහිත දරුවන් වෙනුවෙන්ම වෙන් වූ කුසලතා සංවර්ධන හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නඩුවෝත්තු ප්‍රදේශයේදී පසුගිය විවෘත කෙරිණි.
ආබාධ සහිත දරුවන්ට ආරක්ෂිත මෙන්ම සමාන අවස්ථා සහිත පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත් පියවරක් ලෙස ඇරඹි මෙම මධ්‍යස්ථානය තුළ දරුවන් 100කට ආසන්න පිරිසකට දිවා සුරැකුම් සේවා සහ කුසලතා සංවර්ධන වැඩසටහන් ඇතුළු අවශ්‍ය සියලු සහායක පහසුකම් සලසා ඇත. මීට අමතරව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහයෝගය ඇතිව මෙම දරුවන් වෙනුවෙන්ම විශේෂ ප්‍රවාහන පහසුකම් ද සකස් කර තිබීම සුවිශේෂී වේ.
මෙම විවෘත කිරීමේ උත්සවයට සමගාමීව, මධ්‍යස්ථානයේ සේවය සඳහා බඳවාගත් පෙරපාසල් ගුරුවරුන්, රැකවරණ නිලධාරීන් සහ කාර්යාල සහායකයින් වෙනුවෙන් නිල පත්වීම් ලිපි ප්රදානය කිරීම ද සිදු කෙරිණි.
මෙම සමාරම්භක අවස්ථාව ඉකුත් (17) දා සිදුකෙරුණු අතර ඒ සඳහා ත්‍රීකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල සහ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස ඇතුළු නිලධාරීන් සහ අදාළ ආයතන නියෝජනය කරන නිලධාරීන් රැසක් ද මේ සඳහා එක්ව සිටියා.
Latest News
බිහිසුණු අනතුරෙන් හමුදා කොප්රල්වරයාට දිවි අහිමි වෙයි
Local
20 July 2026
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි
Local
20 July 2026
දිට්වා හානියට පත් නාවලපිටිය - මහනුවර දුම්රිය ධාවනයත් මේ වසර අවසානයට පෙර
Local
20 July 2026
විශ්වවිද්‍යාල ඩෙංගු මර්දන හා සායනික කළමනාකරණ ජාතික මාර්ගෝපදේශය එළිදක්වයි
Local
20 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.90
Local
20 July 2026
ගතවූ දින 19 තුළ පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 20,000 ඉක්මවයි
Local
20 July 2026
මත්පැන් සමාගම් පැහැර හැරිය බදු අය කරගන්න නඩු පැවරීමට පියවර
Local
20 July 2026
නැගෙනහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුමක්
Local
20 July 2026
ඉන්දු - ශ්‍රී ලංකා ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුමට සංශෝධන
Local
20 July 2026
අද සිට ඉහළ යන බිත්තර මිල
Local
20 July 2026