General19 July 2026

ආබාධ සහිත දරුවන් වෙනුවෙන් මෙරට ඉදි වූ ප්‍රථම කුසලතා සංවර්ධන හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය ත්‍රිකුණාමලයේදී විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ආබාධ සහිත දරුවන් වෙනුවෙන්ම වෙන් වූ කුසලතා සංවර්ධන හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නඩුවෝත්තු ප්‍රදේශයේදී පසුගිය විවෘත කෙරිණි.

ආබාධ සහිත දරුවන්ට ආරක්ෂිත මෙන්ම සමාන අවස්ථා සහිත පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත් පියවරක් ලෙස ඇරඹි මෙම මධ්‍යස්ථානය තුළ දරුවන් 100කට ආසන්න පිරිසකට දිවා සුරැකුම් සේවා සහ කුසලතා සංවර්ධන වැඩසටහන් ඇතුළු අවශ්‍ය සියලු සහායක පහසුකම් සලසා ඇත. මීට අමතරව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහයෝගය ඇතිව මෙම දරුවන් වෙනුවෙන්ම විශේෂ ප්‍රවාහන පහසුකම් ද සකස් කර තිබීම සුවිශේෂී වේ.

මෙම විවෘත කිරීමේ උත්සවයට සමගාමීව, මධ්‍යස්ථානයේ සේවය සඳහා බඳවාගත් පෙරපාසල් ගුරුවරුන්, රැකවරණ නිලධාරීන් සහ කාර්යාල සහායකයින් වෙනුවෙන් නිල පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

මෙම සමාරම්භක අවස්ථාව ඉකුත් (17) දා සිදුකෙරුණු අතර ඒ සඳහා ත්‍රීකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල සහ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස ඇතුළු නිලධාරීන් සහ අදාළ ආයතන නියෝජනය කරන නිලධාරීන් රැසක් ද මේ සඳහා එක්ව සිටියා.
Related recommendation
Hiru TV News | Programmes