General20 July 2026

මීරිගම විදුලි උපකරණ අලෙවිසැලක හදිසි ගින්නක්

මීරිගම ප්‍රදේශයේ විදුලි උපකරණ අලෙවිසැලක අද (20) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ගින්නෙන් එම අලෙවිසැලට බරපතළ හානි සිදුව ඇති බවයි.

මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ ඒකක එම ස්ථානයේ කටයුතු කරමින් පවතින බවත් අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී ඇත්තේ නැහැ.
Related recommendation
Hiru TV News | Programmes