General21 July 2026

එයාර් බස් ගණුදෙනුව ගැන සොයන්න CID සහ අල්ලස් නිලධාරීන් පිරිසක් ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යානා දහයක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් ලබාගැනීමේ අල්ලස් සිද්ධියේ සැකකරුවන් සහ සාක්ෂිකරුවන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස් කොමිසම් විශේෂ පොලිස් කණ්ඩායමක් ඕස්ට්‍රේලියා බලා පිටත්ව ගොස් තිබෙනවා.

එයාර් බස් ගනුදෙනුවේ මුදල් හුවමාරු වූයේ යැයි කියන බැංකු ගිණුමක හිමිකරුවකු බව කියන නිමල් පෙරේරා නැමැත්තා ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින බව අල්ලස් කොමිසම මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර, ඒ අනුවයි මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකාර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක හා හිටපු ඇමති චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ විදේශගතව සිටින අතර, ඔවුන්ට මේ වන විට කොළඹ හා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes