ප්‍රංශයේ වයස අවුරුදු 15ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ පනත් කෙටුම්පතකට ප්‍රංශ පාර්ලිමේන්තුවේ විශේෂ සංහිඳියා කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කර ඇත්තේ ලබන සැප්තැම්බර් මාසයේ නව පාසල් වාරය ආරම්භ වීමට පෙර මෙම තහනම සක්‍රියව ක්‍රියාත්මක කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.
මෙම කෙටුම්පතට අනුව වයස අවුරුදු 15ට අඩු ළමුන් සඳහා තහනම් කෙරෙන සමාජ මාධ්‍ය ජාල ලැයිස්තුව ප්‍රංශ තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මීට අමතරව, සමාජ මාධ්‍ය සමාගම් විසින් ප්‍රංශයේ පෞද්ගලිකත්ව නියාමන ආයතනය මගින් අනුමත කරන ලද පාරිභෝගිකයින්ගේ වයස තහවුරු කිරීමේ විශේෂ පද්ධති ස්ථාපිත කළ යුතු වෙනවා.
එමෙන්ම උසස් පාසල් තුළ ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ද මෙම නව පනත් කෙටුම්පත මගින් යෝජනා කර තිබෙනවා.
කමිටු අනුමැතිය හිමි වූ මෙම නීති කෙටුම්පත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ අවසන් සම්මත කරගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය දෙසැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාව විසින් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට ෆේස්බුක්, ටික්ටොක්, ස්නැප්චැට් සහ යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය තහනම් කරමින් ලොව ප්‍රථම වරට මෙවැනි නීතියක් පැනවූ අතර, ප්‍රංශය ද එම පියවර අනුගමනය කරමින් සිටී. ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් යුරෝපා සංගමය තුළ ද මෙවැනි සීමා පැනවීම් සඳහා සහයෝගය ලබා ගැනීමට කටයුතු කර ඇති අතර, යුරෝපීය කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේයන් ද ළමුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට සහය පළ කර තිබෙනවා.

Latest News
KPI යැයි කියමින් දෙවුන්දර බස්නායක නිළමේට තර්ජන
Local
21 July 2026
කුසල් මෙන්ඩිස්ට LPL ඉදිරි තරග අහිමිවීමේ අවදානමක්
Local
21 July 2026
සලේගේ පෙත්සම ලබන 27 වැනිදා තෙක් කල් තැබෙයි
Local
21 July 2026
නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
21 July 2026
බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු පුද්ගලයෙක් අධිසැර විදුලි කුළුණකට නගී - කඹුරුපිටියම අඳුරේ
Local
21 July 2026
අගමැති හරිනි දුරදක්නයකින් නිරීක්ෂණය කළ තිදෙනෙක් අත්අඩංගුවට
Local
21 July 2026
කොළඹ කොටස් වෙළඳපොළ ඒකක 62.37කින් පහළට
Local
21 July 2026
ඉන්දියාවේ විදුලිබල ව්‍යාපෘති උමගක පිපිරීමක්: 10ක් මියගොස් පිරිසක් සිරවෙලා
Local
21 July 2026
හෝමාගම කම්පා කළ බිහිසුණු ගින්නේ සංවේදී කතා රැසක් එළියට
Local
21 July 2026
හෙටත් සුළගේ වේගය ඉහළට
Local
21 July 2026