General22 July 2026

දෙවුන්දර - දෙවිනුවර දේවාලය පිටුපස නිවසකට වෙඩි ප්‍රහාරයක්

දෙවුන්දර - දෙවිනුවර දේවාලය පිටුපස නිවසකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා පළාගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් නිවසට හෝ එහි දේපලවලට හානි සිදුව නොමැති බවයි පොලිසියට කියා සිටියේ.

මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදු කර ඇති අතර, නිවසේ ඉදිරිපස බිත්තියකට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවටයි වාර්තා වෙන්නේ.

දෙවිනුවර දේවාලයේ ඉදිරියේ පැවත්වීමට නියමිත පෙරහරේ ගමන් ගන්නා කාවඩි නර්තන කණ්ඩායම් අතර පවතින ගැටලුවක් හේතුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇති වූ ආරවුලක් මුල්කරගනිමින් මෙම වෙඩි තැබිම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

එමෙන්ම අදාළ වෙඩි තැබිමෙන් පසු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන දෙහිබාලේ මල්ලී නැමත්තා විසින් මුදාහළ බවට සැක කරන හඩපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සංසරණය වනවා.

මේ අතර සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් විසින් කතරගම බස්නායක නිලමේවරයාට තර්ජන සිදුකළ බව හැගවෙන හඩපටයක් සහිත වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුයේද මෙවන් පසුබිමකයි.

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන බවයි දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මධුශංක ප්‍රකාශ කළේ.

මීට පෙරද බන්ධනාගාරගතව සිටින සැකකරුවෙකු විසින් බස්නායක නිළමේවරයාගෙන් මුදල් ඉල්ලා දුරකථන ඇමතුම් ලබාදී ඇති බවට වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් තොරතුරු සොයාගෙන තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes