General22 July 2026

ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට - 94 වන ස්ථානයට පැමිණෙයි

ගෝලීය ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ඉදිරියට පැමිණ තිබෙනවා.

ලොව පුරා රටවල ගමන් බලපත්‍රවල ප්‍රබලතාව මැන බලන නවතම හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ශ්‍රී ලංකාව මේ වන විට 94 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙය 2014 වසරින් පසුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය වාර්තා කළ ඉහළම ශ්‍රේණිගත කිරීම වීම විශේෂත්වයක්.

පසුගිය 2021 වසරේදී ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය මෙම දර්ශකයේ 107 වන ස්ථානය දක්වා පහත වැටී තිබූ අතර, එතැන් සිට ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කරමින් මෙලෙස 94 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes