පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් (PTL) සමාගමේ ව්‍යාපාරික කටයුතු තහනම් කිරීම වාර ගණනාවක් තිස්සේ දීර්ඝ කිරීම ළඟදීම අවසන් වන අතර, ඒ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ලියාපදිංචි තොග සහ සුරැකුම්පත් ආඥාපනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ පනවා ඇති රෙගුලාසිවලට අනුව ක්‍රියා කරමින්, මහ බැංකුව මගින් සිදු කරනු ලබන විමර්ශන ඉදිරියට කරගෙන යාම සඳහා, ප්‍රාථමික වෙළෙන්දෙකු ලෙස PTL සමාගම විසින් කරනු ලබන ව්‍යාපාර සහ කටයුතු තහනම් කිරීම 2026 ජූලි 5 වන දින පස්වරු 4.30 සිට තවත් මාස හයක කාලයකට දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කළා.
මහ බැංකු අධිපති ආචාර්ය වීරසිංහ සඳහන් කළේ PTL සමාගම සම්බන්ධ වූ මෙම බැඳුම්කර වංචාව මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාව වන බවයි.
"මෙම සිද්ධියට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගමට අයත් රුපියල් බිලියන 12කට අධික වත්කම් රාජසන්තක කිරීම ඇතුළු පියවර කිහිපයක්ම මහ බැංකුව විසින් ගෙන තිබෙනවා," යැයිද මහ බැංකු අධිපතිවරයා පවසා සිටියා.
තවද, මේ සම්බන්ධයෙන් වන අධිකරණ ක්‍රියාමාර්ග දැනට සිදුවෙමින් පවතින අතර ඒවා ළඟදීම අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

Latest News
ඉලෙක්ට්‍රොනික භාණ්ඩවලට මාස 06ක වගකීම් සහතිකය අනිවාර්යයි
Local
14 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් හෝ සහනාධාරයක් ලබාදීමට සිදුවෙයි - බලශක්ති අමාත්‍ය
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයෙන් මියගිය දරු දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරේ
Local
14 September 2026
දුම්රිය සාමාන්‍යාධිකාරී ගැන තීරණයක් නැති තැන දුම්රිය 17 සහ 18 වැඩ වර්ජනය ඉදිරියට
Local
14 September 2026
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේ හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවයක්
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ පාට වෙනස් කරන්න දුන්න කොන්ත්‍රාත්තුව හෙළිවෙයි
Local
14 September 2026
මහව නගරයේ පරිගණක අළුත්වැඩියා කරන ආයතනයක ගින්නක්
Local
14 September 2026
එල්-නීනෝ බලපෑමට සියලු දෙනා එක්ව මුහුණ දිය යුතුයි – විපක්ෂ නායක සජිත්
Local
14 September 2026
ප්‍රසිද්ධ වෙළෙඳසල් ජාලවලින් විකුණූ “Made in China” පාවහන්වල ඇත්ත කතාව: දෙහිවලින් හෙළි වූ මහා පරිමාණ පාවහන් වංචාව
Local
14 September 2026
මිලිලීටර් 500 පානීය ජල බෝතලයක් රු. 100/-ට අලෙවි කළ හෝමාගම ප්‍රසිද්ධ ආපනශාලාවකට රුපියල් ලක්ෂ පහක දඩයක්
Local
14 September 2026