General22 July 2026

දෙවුන්දර දේවාල පෙරහර හෙට: ආරක්ෂාවට පොලිසියෙන් 500ක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙහිබාලේ මල්ලී නමැත්තා වෙත කංජිපානි ඉම්රාන් බව පවසන අයෙක් යළිත් වරක් නිකුත් කළ තර්ජනාත්මක හඬපටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

එම හඬපටයට දෙහිබාලේ මල්ලී බව පැවසෙන පුද්ගලයාද ප්‍රතිචාර දැක්වූ හඬ පටයක්ද සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මේ අතර හෙට (23) ඇරඹෙන දෙවුන්දර දේවාලයේ පෙරහරට ආරක්ෂාව ඉල්ලමින් සහ තමන්ට එල්ල වූ තර්ජන පිළිබඳව දෙවුන්දර දේවාලයේ මෙන්ම රුහුණු කතරගම
මහා දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කරන තිළින මධුසංඛ විසින් මාතර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

මෙවැනි වාතාවරණයක් තුළ දෙවුන්දර දේවාලයේ පෙරහර මංගල්‍යය හෙට පස්වරුවේ ආරම්භ වීමට නියමිත අතර අප කළ වීමසීමකදී මාතර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ පෙරහරේ ආරක්ෂාවෙන් වෙනුවෙන් පොලිස් නිලධාරීන් 500කට අධික පිරිසක් අනුයුක්ත කිරීමට පියවර ගන්නා බවයි.
Related recommendation
Hiru TV News | Programmes