මෙරට වනාන්තර පද්ධතිය අනාගත පරම්පරාව වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව, පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි සංවේදී කඩොලාන වනාන්තර 08ක් අලුතින් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, ජූලි 26 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනයට සමගාමීව, ජූලි 27 වන දින පරිසර අමාත්‍යාංශයේදී පැවැත්වෙන ජාතික උත්සවයේදී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අදාළ ගැසට් පත්රවලට අත්සන් තැබීමට නියමිතයි.
අලුතින් රක්ෂිත කෙරෙන කඩොලාන පද්ධති 08 ලෙස,
තිල්ලිඅඩිය කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 13.06
සම්මට්ටවාඩිය කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 10.91 (ජෛව විවිධත්වයෙන් ඉහළ, කාබන් තිර කරන අධි සංවේදී කලාපයක්)
මුතලප්පාලි කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 22.74
කුඩාව කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 4.43 (අධි සංවේදී, ජෛව විවිධත්වයෙන් පූර්ණ කලාපයක්)
කුඹුටු කුලියාව කඩොලාන රක්ෂිතය (ආරච්චිකට්ටුව) - හෙක්ටයාර් 4.47
කරඹේ කඩොලාන රක්ෂිතය (කල්පිටිය සහ මුන්දලම) - හෙක්ටයාර් 76.82
කන්දකුලිය කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 17.47
මණ්ඩල කුඩාව කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 12.82
ශ්‍රී ලංකාවේ සමස්ත කඩොලාන භූමි ප්‍රමාණය හෙක්ටයාර 12,500ක් පමණ වන අතර, ඉන් වැඩි ප්‍රමාණයක් ව්‍යාප්තව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය සහ කලපු ආශ්‍රිතවයි.
පර්යේෂණවලට අනුව මෙරටින් කඩොලාන ශාක විශේෂ 11ක් පමණ වාර්තා වෙනවා.
එමෙන්ම, කඩොලාන පරිසර පද්ධතිවල පාරිසරික, ආර්ථික හා සමාජයීය වැදගත්කම සලකා 2015 UNESCO සමුළුවේදී ජූලි 26 වන දින අන්තර්ජාතික කඩොලාන සංරක්ෂණ දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

Latest News
කෝටි 20ක මත්ද්‍රව්‍ය තොගයත් එක්ක අත්අඩංගුවට ගත් කැනේඩියානු චිත්රශිල්පියා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට
Local
26 July 2026
මහජනතාව සමඟ තර්ජනාත්මකව වාද කළ වතුපිටිවල SIගේ වැඩ තහනම්
Local
26 July 2026
උපාලි ධර්මදාස ගේ අවසන් කටයුතු බදාදා
Local
26 July 2026
දඹුල්ල - මාතලේ පාරේ අනතුරකින් සිව්දරු මවක් මරුට
Local
26 July 2026
කලවාන වැද්දාගල ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුවකු දියේ ගිලී මියයයි
Local
26 July 2026
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නළුවා සම්මානය මහේන්ද්‍ර පෙරේරාට
Local
26 July 2026
ඩෙංගු රෝගීන් 81,000 පනී
Local
26 July 2026
කෝටි 20කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග කැනඩා ජාතිකයෙක් අත්අඩංගුවට
Local
26 July 2026
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං වටයකින් රවිඳු ජයනාත්ට ජය
Local
26 July 2026
කැස්පියන් මුහුදේ ඉරාන නෞකාවකට යුක්රේනයෙන් ප්‍රහාරයක්
Local
26 July 2026