බණ්ඩාරවෙල නිල් දිය පොකුණේ භූගත ජලය පරීක්ෂා කිරීමට පැමිණි ඌව පළාත් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසී මඟපෙන්වන්නන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
ඒ, වසර එකහමාරකට වැඩි කාලයක සිට නිල් දිය පොකුණ වසා දමා ඇති පසුබිමකයි.
මෙලෙස පොකුණ වසා දැමීම හේතුවෙන් සිය ජීවනෝපායට බලපෑම් එල්ල වී ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.
බණ්ඩාරවෙල, ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ පිහිටි භූගත ජලාශයක් වන නිල් දිය පොකුණ සොබාදහමේ අපූරු නිර්මාණයක් මෙන්ම දෙස් විදෙස් සංචාරකයින් ගවේෂණයට උනන්දුවක් දක්වන කුතුහලය දනවන සංචාරක ස්ථානයක්.
2015 වර්ෂයේ සිට මෙම ප්‍රදේශයේ ජනතාව එහි පැමිණෙන සංචාරකයින්ට මඟ පෙන්වමින් නිල් දිය පොකුණේ සුන්දරත්වය නැරඹීමට අවස්ථාව සලසා දුන්නා.
වනජීවි කාර්යාලය මඟින් එම මඟ පෙන්වන්නන්ට ජීවිතාරක්ෂක සහ ප්‍රථමාධාර සම්බන්ධ පුහුණුවීම් ද ලබා දීමට පියවර ගෙන තිබුණා.
කෙසේවෙතත් 2024 දෙසැම්බර් මස 26 වැනිදා සිට නිල් දිය පොකුණ සංචාරකයින් සඳහා වසා දැමීමට රාවණාඇල්ල වනජීවි කාර්යාලය විසින් පියවර ගත් අතර, මෙවැනි සංචාරක ස්ථානයක් වසා දැමීම සම්බන්ධයෙන් එම මඟ පෙන්වන්නන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.
එවැනි පසුබිමක නිල්දිය පොකුණේ භූගත ජලය පරීක්ෂා කිරීමට ඌව පළාත් මධ්‍යම පරිසර අධිකාරිය සහ රාවණාඇල්ල වනජීවි කාර්යාල නිලධාරින් ඊයේ එම ස්ථානයට පැමිණියා.
එහිදී පොකුණට යාමට මගපෙන්වන්නන් ලෙස කටයුතු කල ප්‍රදේශවාසීන්ගේ එම නිලධාරීන් සහය ඉල්ලුවද ඔවුන් එය ප්‍රතික්ෂේප කළා.
එම අවස්ථාවේ නිලධාරීන් සහ පිරිස අතර ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.
අනතුරුව වනජීවි නිලධාරීන් සහ මධ්‍යම පරිසර අධිකාරීයේ නිලධාරීන් උමඟ තුළට බැස පොකුණේ ස්ථාන හතරකින් ජල සාම්පල් ගෙන ඒවා පරීක්ෂාවට ලක් කළා.
එහිදී නිල් දිය පොකුණේ මඟ පෙන්වන්නන් පැවසුවේ ඔවුන් නිල්දිය පොකුණ යළි විවෘත කරන බවයි.
ඒ අනුව එම පිරිස අද පුද පූජා පවත්වා නිල් දිය පොකුණ සංචාරකයින් සඳහා යළි විවෘත කළා.

Latest News
මත්ද්‍රව්‍ය සමග කොටු වූ ප්‍රසිද්ධ උපකාරක පංති හිමිකරුට වැඩ වරදී
Local
27 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.83යි
Local
27 July 2026
ඩෙංගු මරණ 61යි - 47ක්ම කාන්තාවන්
Local
27 July 2026
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය පරවියන් 64ක් සමඟ වෙළෙඳුන් දෙදෙනෙක් කටුනායකදී දැලේ
Local
27 July 2026
ඩෙංගු රෝගීන් 82,000 ඉක්මවයි
Local
27 July 2026
තෙල් වෙළෙඳපොළ තත්ත්වයේ අවදානම ගැන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි
Local
27 July 2026
කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධිය - හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට ඇප
Local
27 July 2026
තලවකැලේ - නුවරඑළිය පාරේ ගමනාගමනයට බාධා
Local
27 July 2026
ජාතික සුපිලිපන් සතිය අදින් ඇරඹේ
Local
27 July 2026
බණ්ඩාරගම නිවසක ඩෙංගු තවානක්
Local
27 July 2026