General25 July 2026

මළ සිරුරක් මහවැලි ගඟෙන් හමුවෙයි

මහවැලි ගඟේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් ගම්පොළ, බෝතලාපිටිය ප්‍රදේශයේදී හමුවී ඇතැයි ගම්පොළ පොලිසිය පවසනවා.

මරණකරු අවුරුදු 48ක පමණ අයෙකු බවයි පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයා නාවලපිටියේ සේලමරිච් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට මේ වන විට වාර්තා වී තිබෙනවා.

එම මළ සිරුර දැනට ගම්පොළ මූලික රෝගලේ තැන්පත් කර තිබෙන බවද පොලිසිය සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගම්පොළ පොලිසිය විසින් සිදුකරනවා.
Related recommendation
Hiru TV News | Programmes