ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙත නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් පලාගොස් සිටියදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා වත්තල ප්‍රදේශයේ දී පසුගිය බ්‍රහස්පතින්දා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ අය බවට සැක කෙරෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 30 සහ 34 යන වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් බව සඳහන්.
සැකකරුවන් දෙදෙනාගෙන් අයෙක් වත්තල හැඳල ප්‍රදේශයේ ගනේෂන් විග්නේෂ්වරන් නමැත්තා බවත් අනෙක් තැනැත්තා වත්තල ඇවරියවත්ත ප්‍රදේශයේ පදිංචි මහේස්වරන් ලුසිනාත් බවට හඳුනාගෙන තිබෙනවා.
එරට වෙරළාරක්ෂක බළකාය මගින් ඊයේ (24) වැනිදායි මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ.
ශ්‍රී ලංකාවේ සිට නීතිවිරෝධි ලෙස බෝට්ටුවකින් මොවුන් ධනුෂ්කෝඩි වෙත පැමිණ සිටි අවස්ථාවේදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ හින්දු පුවත්පත වාර්තා කර ඇත්තේද ඉකුත් දිනෙකදී සාදයක් අතරතුර වත්තල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට මොවුන් සම්බන්ධදැයි ශ්‍රී ලංකාවේ බලධාරින් සැක කරන බවයි.
මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව මෙරට තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු තුනක් ද ගොනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මොවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් පසුගිය 23 වැනිදා ඔවුන් බෝට්ටුවක් මාර්ගයෙන් පේසාලේ ප්‍රදේශයෙන් පිටත්ව ඊයේ (24) ධනුෂ්කෝඩි වෙත පැමිණ ඇති බවයි.
අදාළ බෝට්ටු ගමන සඳහා රුපියල් 300,000ක මුදලක් ලබාදී ඇති බවට හෙළිව ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
එමෙන්ම, ගනේෂන් විග්නේෂ්වරන් නමැත්තා අවස්ථා 7කදී ඉන්දියාවටත්, මැලේසියාව, ප්‍රංශය සහ ඩුබායි වෙත එක් අවස්ථාව බැගිනුත් ගොස් ඇති බව ද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වුණා.
ඔහුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව 2020 වසරේදී විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති බවයි හෙළිව ඇත්තේ.
එමෙන්ම 2018 වසරේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම හේතුවෙන් වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 2020 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව තිබුණා.
මහේස්වරන් ලුසිනාත් නමැති අනෙක් පුද්ගලයා 2016 වසරේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මීගමුව පොලිසියේ අත්අඩංගුවට පත්වූ අයෙක්.
සැකකරුවන් මේ වනවිට තිරුචි මධ්‍යම බන්ධනාගාර පරිශ්‍රය තුළ විශේෂ කඳවුරක රඳවා සිටිනවා.

Latest News
නියඟයෙන් වික්ටෝරියා ජල මට්ටම බසී: පැරණි තෙල්දෙණිය නගරයේ නටඹුන් යළි මතුවේ
Local
27 July 2026
දුන්හිඳට රු. කෝටි 2ක වියදමින් නව නැරඹුම් මධ්‍යස්ථානයක්
Local
27 July 2026
සමස්ත ඩෙංගු මරණ 61න් මරණ 30ක්ම මෙම මාසයේදී
Local
27 July 2026
ගාසාවේ මරණ සංඛ්‍යාව 73,000 පනී: නිවාසවලින් 90%කටම හානි
Local
27 July 2026
152 වන වේල් පෙරහැර නිසා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
Local
27 July 2026
රෝගී පියා බලන්න ඇවිත් රෝහල් පොලිසියේ නිලධාරියාට පහර දී පලාගිය අයෙක් සොයා පොලිස් පරීක්ෂණ
Local
27 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
27 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
Local
27 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
Local
27 July 2026
දෙවිනුවර කාවඩි සාකච්ඡාව අවසන් : සියලු කණ්ඩායම්වලට අවසර
Local
27 July 2026