ඉන්දියාවේ වන්දනා චාරිකා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික වන්දනාකරුවන් වෙනුවෙන් වන වීසා ගාස්තු ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර, සුදුසුකම් ලබන වන්දනා කණ්ඩායම් සඳහා නොමිලේ (Gratis) වීසා බලපත්‍ර ලබාගැනීමේ පහසුකම තවදුරටත් සක්‍රීයව පවතින බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ, ශ්‍රී ලාංකිකයින්ට ඉන්දීය e-visa පහසුකම ද භාවිත කළ හැකි අතර, සාමාන්‍ය ක්‍රමවේදය යටතේ කොළඹ, මහනුවර, යාපනය, හම්බන්තොට සහ මඩකලපුව යන නගරවල පිහිටි ඉන්දීය කොන්සල් අයදුම්පත් මධ්‍යස්ථාන (ICAC) හරහා අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් යොමු කළ හැකි බවයි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශ සහිතව පුද්ගලයින් 10 දෙනෙකු හෝ ඊට වැඩි කණ්ඩායම් ලෙස බෞද්ධ පූජනීය ස්ථාන ඇතුළු වන්දනා චාරිකා සඳහා ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයින්ට මෙම නොමිලේ වීසා පහසුකම හිමි වනවා.
වීසා සේවා සැපයුම් ආයතනය වෙනස්වීම හේතුවෙන් මෙම පහසුකම තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, නව සේවා සැපයුම්කරු රාජකාරි ආරම්භ කිරීමත් සමඟ එම නොමිලේ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක කර තිබෙනවා.
නව ඉන්දීය රෙගුලාසිවලට අනුව, වන්දනාකරුවන් කණ්ඩායම් වශයෙන් හෝ තනි තනිව ICAC මධ්‍යස්ථාන වෙත පැමිණ ජෛවමිතික තොරතුරු (Biometrics) ලබා දීම අනිවාර්ය වන අතර, එම ජෛවමිතික තොරතුරු ලබා දීම වයස අවුරුදු 12 ත් 70 ත් අතර අයදුම්කරුවන්ට පමණක් අදාළ වනවා.
එසේම, ජෛවමිතික තොරතුරු ලබාදීමට පැමිණෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පෝලිම්වල රැඳී සිටින කාලය අවම කිරීම වෙනුවෙන් විශේෂ ඉක්මන් සේවාවක් (Expedited process) ද හඳුන්වා දී තිබෙනවා.
මෙම අනුමත ක්‍රමවේදය යටතේ අයදුම් කරන වන්දනාකරුවන්ගෙන් කිසිදු වීසා ගාස්තුවක් අය නොකෙරෙන අතර, අයදුම්පත් භාරගැනීම සහ සේවා සැපයීම වෙනුවෙන් අදාළ ICAC මධ්‍යස්ථානය වෙත රුපියල් 1,855 ක සේවා ගාස්තුවක් (Service Fee) පමණක් ගෙවිය යුතු බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කරනවා.

Latest News
152 වන වේල් පෙරහැර නිසා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
Local
27 July 2026
රෝගී පියා බලන්න ඇවිත් රෝහල් පොලිසියේ නිලධාරියාට පහර දී පලාගිය අයෙක් සොයා පොලිස් පරීක්ෂණ
Local
27 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
27 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
Local
27 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
Local
27 July 2026
දෙවිනුවර කාවඩි සාකච්ඡාව අවසන් : සියලු කණ්ඩායම්වලට අවසර
Local
27 July 2026
‘සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් රාජ්‍ය ප්‍රතිඥාවක්
Local
27 July 2026
වඳින්න ගිය දේවාලෙදී මී අත්තක් කඩා වැටී කතක් මරුට
Local
27 July 2026
සලේගේ රිට් පෙත්සම හෙට යළි කැඳවයි
Local
27 July 2026
ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල වෙබ් අඩවිය (stf.lk) එළිදැක්වෙයි
Local
27 July 2026