මේ වර්ෂය තුළදී ශ්‍රී ලාංකිකයින් 250,000 දෙනෙකුට විදේශ රැකියා අවස්ථා ලබාදීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ශ්‍රී ලංකා රජය මඟින් සහ කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතන හරහා මෙම රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින් වෙත ලබාදීමට කටයුතු කර ඇති බවයි එම කාර්යාංශය සඳහන් කරන්නේ.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ලාංකිකයින් රැකියා සඳහා විදේශගත වීමේ යම් අඩුවක් පෙන්නුම් කළද, ආරක්ෂාකාරී ගමනාන්ත වෙත ඉහළ වැටුප් සහිත රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීමට පියවර ගනිමින් සිටින බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.
ඒ අනුව, වසරේ ගත වූ කාලය තුළ ලාංකිකයින් 143,087 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී ඇති අතර, ඉන් පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව 92,590 ක්.
මෙම කාලය තුළ කාන්තා ශ්‍රමිකයින් 50,497 දෙනෙකුද රැකියා සඳහා විදේශගත වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ.
මේ දිනවල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අතර වඩාත් ප්‍රචලිත ගමනාන්තයක් වන ඊශ්‍රායල් රාජ්‍ය සඳහා ශ්‍රමිකයින් 14,000 දෙනෙකු යොමු කිරීමට කාර්යාංශය සැලසුම් කර ඇති අතර, මේ වන විට ඉන් ශ්‍රමිකයින් 7,873 දෙනෙකු ඊශ්‍රායල් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව එම කාර්යාංශය සඳහන් කරනවා.
එසේම, දකුණු කොරියාව සඳහා ශ්‍රමිකයින් 8,000 දෙනෙකු යොමු කිරීමට අපේක්ෂා කරන අතර, ඉන් 4,794 දෙනෙකු මේ වන විටත් පිටත්ව ගොස් ඇති බවයි එම කාර්යාංශය පවසන්නේ.
තවද, නිපුණතා සහිත රැකියා සඳහා ශ්‍රමිකයින් 73,623 දෙනෙකු 2026 වසරේ ගත වූ කාලය තුළදී විදේශගත වී ඇති අතර, නුපුහුණු කාණ්ඩයේ රැකියා සඳහා ශ්‍රමිකයින් 69,494 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව කාර්යාංශ දත්ත වාර්තා පෙන්වා දෙනවා.
මේ අතර, මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා මාස 6 ක කාලය තුළදී විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයින් විසින් ඇමරිකානු ඩොලර් බිලියන 4.6 ක මුදලක් මෙරටට ප්‍රේෂණය කර හ බව ද එම කාර්යාංශය සඳහන් කරනවා.
Latest News
ඉරාන ප්‍රහාරයට පළිගන්න ට්‍රම්ප් සුදානමින්: බොර තෙල් මිලත් යළි ඉහළට
Local
30 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් විටින් විට වැසි
Local
30 July 2026
කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහර නැරඹීමට ජනපති එක්වෙයි
Local
30 July 2026
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම පාලිත බණ්ඩාරට
Local
30 July 2026
ලොව දීර්ඝතම සහ අඛණ්ඩ ගුවන් ගමන ඔස්ට්‍රේලියාවේ ක්වන්ටාස් විසින් සිදු කරයි
Local
29 July 2026
නව මෙට්‍රෝ බස් රථ 104 දිවයිනට ළඟා වෙයි
Local
29 July 2026
ආර්ථික සහ මූල්‍ය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉහළට "2025ට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉතා විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තියෙනවා"
Local
29 July 2026
රතු මුහුදේ අර්බුද මධ්‍යයේ ඉන්දියාවේ ඉංජිනේරු භාණ්ඩ අපනයනය 21%කින් ඉහළට
Local
29 July 2026
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘රන්දෝලි මහ පෙරහර’ වීදි සංචාරය අරඹයි
Local
29 July 2026
උතුම් කැලණිය වෛත්‍යරාජයාණන් වහන්සේ ෂඩ්වර්ණයෙන් ආලෝක ගැන්වෙයි
Local
29 July 2026