General26 July 2026

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සංචාරක ආයතනයකට මිලියනයක දඩයක්

නියමිත මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ ඇල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක ආයතනයකට රුපියල් මිලියනයක දඩ මුදලක් නියම කිරීමට අධිකරණය පියවර ගෙන තිබෙනවා.

පසුගිය දා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදීයි අදාළ ආයතනය මඟින් නියමිත මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී අදාළ ආයතනයට මෙම දඩ මුදලක් නියම කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes