General27 July 2026

බොරතෙල් මිල පහළට

අමෙරිකාව සහ ඉරානය එකිනෙකා වෙත එල්ල කරමින් සිටි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගිය බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 92ට වඩා පහත වැටී තිබෙනවා.

එසේම, පසුගිය බ්‍රහස්පතින්දා ඩොලර් 93 සීමාවෙන් ඔබ්බෙහි පැවති ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොරතෙල් බැරලයක මිල ද මේ වන විට ඇමෙරිකානු ඩොලර් 85 සීමාවෙන් පහළට පැමිණ ඇති බව සඳහන්.

දෙරට අතර පවතින සෙබළ හා හමුදාමය ගැටුම් තාවකාලිකව නතර වීමත් සමඟ මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුමට එල්ල වී තිබූ අවදානම ලිහිල් වීම මෙම මිල ගණන් පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes