හොරණ නගරයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ස්ථානයක හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 250ක් සමගින් හොරණ මූලස්ථාන පොලිසිය මගින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ නර්තනගල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15.මිලිග්‍රෑම් 250ක්, මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ජංගම දුරකථනයක්, එම දුරකථනයට අදාළ සිම්පතක් සහ මත්ද්‍රව්‍ය කිරා බැලීමට භාවිත කරන ඉලෙක්ට්‍රොනික තරාදියක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු හොරණ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු වන අතර, දෛනිකව සිසුන් විශාල පිරිසක් අධ්‍යාපනය ලබන ප්‍රධාන පෙළේ උපකාරක පන්තියක හිමිකරු බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
හොරණ පොලිසියට අනුයුක්ත කොට්ඨාශ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර නිලධාරීන් සැකකරුගේ නර්තනගල පිහිටි නිවසට ගිය අවස්ථාවේදී ඔහු පලා යාමට උත්සාහ දරා ඇති අතර, සිදු කළ පරීක්ෂාවේදී ඔහු ඇඳ සිටි කලිසමේ දකුණු සාක්කුවේ විනිවිද පෙනෙන පොලිතින් කවරයක බහා තිබූ මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා.
සැකකරුට මීට පෙරද මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා කිහිපයක් එල්ල වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔහු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතයි.
එමෙන්ම සැකකරු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන ගියේද, ඔහු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් ක්‍රියාත්මක වූයේද යන්න සහ උපකාරක පන්තිවලටට පැමිණෙන දරුවන්ට අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළාද යන්න පිළිබඳවද සොයා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Latest News
නියඟයෙන් වික්ටෝරියා ජල මට්ටම බසී: පැරණි තෙල්දෙණිය නගරයේ නටඹුන් යළි මතුවේ
Local
27 July 2026
දුන්හිඳට රු. කෝටි 2ක වියදමින් නව නැරඹුම් මධ්‍යස්ථානයක්
Local
27 July 2026
සමස්ත ඩෙංගු මරණ 61න් මරණ 30ක්ම මෙම මාසයේදී
Local
27 July 2026
ගාසාවේ මරණ සංඛ්‍යාව 73,000 පනී: නිවාසවලින් 90%කටම හානි
Local
27 July 2026
152 වන වේල් පෙරහැර නිසා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
Local
27 July 2026
රෝගී පියා බලන්න ඇවිත් රෝහල් පොලිසියේ නිලධාරියාට පහර දී පලාගිය අයෙක් සොයා පොලිස් පරීක්ෂණ
Local
27 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
27 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
Local
27 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
Local
27 July 2026
දෙවිනුවර කාවඩි සාකච්ඡාව අවසන් : සියලු කණ්ඩායම්වලට අවසර
Local
27 July 2026