රුපියල් මිලියනයකට අධික භාණ්ඩ ආනයනය කරමින් රේගු ආඥා පනත උල්ලංඝනය කළැයි කියන සිද්ධියට අදාල ප්‍රසිද්ධ ඇඟලුම් අලෙවි ආයතනයක හිමිකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි එම සැකකරු ලබන 06 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අද (27) නියෝග කළා.
සැකකරුට එරෙහි පැමිණිල්ල පවරා පවත්වාගෙන යාමට නොහැකි බවත් මෙය නිශ්ප්‍රභ කරන ලෙසත් විත්තිය විසින් මෙහිදී විරෝධතාවක් ද ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී විත්තිය විසින් ඉදිරිපත් කරනු ලැබූ විරෝධතාව පදනම් විරහිත බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල නිෂ්ප්‍රභ කරන ලෙසට කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කළා.
පැමිණිල්ල ඉදිරිපත් කරන කරුණු අනුව විමසීමට නඩුකරයක් ඇති බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115 වගන්තිය යටතේ සැකකරු මුදා හරින ලෙස කළ ඉල්ලීමද මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි තොරතුරු අගෝස්තු 06 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශවයට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබුවා.
Latest News
මීගමු බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
Local
27 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
Local
27 July 2026
දෙවිනුවර කාවඩි සාකච්ඡාව අවසන් : සියලු කණ්ඩායම්වලට අවසර
Local
27 July 2026
‘සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් රාජ්‍ය ප්‍රතිඥාවක්
Local
27 July 2026
වඳින්න ගිය දේවාලෙදී මී අත්තක් කඩා වැටී කතක් මරුට
Local
27 July 2026
සලේගේ රිට් පෙත්සම හෙට යළි කැඳවයි
Local
27 July 2026
ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල වෙබ් අඩවිය (stf.lk) එළිදැක්වෙයි
Local
27 July 2026
දෙවිනුවර කාවඩි නැටුම පාතාලයේ ගැටුමක් වුණු හැටි ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්
Local
27 July 2026
LPL තරග පාවාදීමේ සිද්ධියේ ඉන්දියන් ජාතිකයින් දෙදෙනාගේ ඇප ඉල්ලීම ඉවතට
Local
27 July 2026
RMV හිටපු නිලධාරිනියට ඇප
Local
27 July 2026