General27 July 2026

සලේගේ රිට් පෙත්සම හෙට යළි කැඳවයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරිපත් කළ රිට් පෙත්සම හෙට (28) යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළා.

ඒ එම පෙත්සම අද (27) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමෙන් පසුවයි.

එහිදී අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළා.

ඉන් අනතුරුවයි පෙත්සම හෙට දින කැඳවීමට නියම කෙරුණේ.
Related recommendation
Hiru TV News | Programmes