General27 July 2026

වඳින්න ගිය දේවාලෙදී මී අත්තක් කඩා වැටී කතක් මරුට

කරන්දෙණිය ප්‍රදේශයේ පෞරාණික දේවාල භූමියක තිබූ මී ගසක අත්තක් කඩා වැටීමෙන් තුවාල ලැබූ කාන්තාවක බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි කරන්දෙණිය පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ කරන්දෙණිය ප්‍රදේශයේම පදිංචි 65 හැවිරිදි කාන්තාවක්.

ඇය ඊයේ (26) එම දේවාල භූමියට පැමිණි අවස්ථාවේදී මී ගසේ කඩා වැටුණු අත්තකට යටවී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම මී අත්ත කඩා වැටීම නිසා ඒ අසල නවතා තිබූ ත්‍රීවිල් රථයකටද හානි සිදුවී තිබුණා.

මේ සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Related recommendation
Hiru TV News | Programmes