දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුකාරී තත්ත්වයට විසඳුම් ලබා දෙමින්, පසුගිය වසරේ පෙරහැරට එක්වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ටම මෙවරද පෙරහැර සඳහා සහභාගි වීමට අවසර දීමට තීරණය කර තිබෙනවා.
අද (27) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින් මේ බව සඳහන් කළා.
පෙරහැරේ ආරක්ෂාව සහ විනය සම්බන්ධයෙන් පසුගිය දිනවල මතුවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට පොලිසිය නිර්දේශ කර තිබුණද, මෙම විශේෂ හමුවේදී සියලු පාර්ශ්වයන් හි එකඟතාවයෙන් පෙරහැරේ සම්ප්‍රදායික නර්තනාංග සඳහා මෙලෙස අවස්ථාව ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යවරයාට අමතරව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මාතර දිසාපති චන්දන තිලකරත්න සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි වුණා.

Latest News
පාතාල තර්ජන මඩින්න දෙවුන්දර පෙරහරට දැඩි ආරක්ෂාවක්
Local
28 July 2026
අද සිට කාලගුණයේ වෙනසක්
Local
28 July 2026
නියඟයෙන් වික්ටෝරියා ජල මට්ටම බසී: පැරණි තෙල්දෙණිය නගරයේ නටඹුන් යළි මතුවේ
Local
27 July 2026
දුන්හිඳට රු. කෝටි 2ක වියදමින් නව නැරඹුම් මධ්‍යස්ථානයක්
Local
27 July 2026
සමස්ත ඩෙංගු මරණ 61න් මරණ 30ක්ම මෙම මාසයේදී
Local
27 July 2026
ගාසාවේ මරණ සංඛ්‍යාව 73,000 පනී: නිවාසවලින් 90%කටම හානි
Local
27 July 2026
152 වන වේල් පෙරහැර නිසා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
Local
27 July 2026
රෝගී පියා බලන්න ඇවිත් රෝහල් පොලිසියේ නිලධාරියාට පහර දී පලාගිය අයෙක් සොයා පොලිස් පරීක්ෂණ
Local
27 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
27 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
Local
27 July 2026