සිය රෝගී පියා බැලීමට පැමිණි පුද්ගලයෙකු විසින් හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ රෝහල් පොලිසියේ නිලධාරියාට සහ ආරක්ෂක නිලධාරිණියකට අද (27) පස්වරුවේ පහරදී පළාගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.
මෙසේ පලා ගොස් ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයේ පුද්ගලයකු බවට අනාවරණය වී තිබෙනවා.
මෙම පුද්ගලයාගේ පියා හොරණ දිස්ත්‍රික් මහ රෝහලට අද (27) අසනීප තත්ත්වයක් මත ඇතුළත් කර ඇති අතර ඔහු මූලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා.
ඔහු බැලීම සඳහා අද (27) පස්වරැවේ පැමිණ ඇති මෙම පුද්ගලයා වෛද්‍යවරයා සමඟ යම්කිසි ප්‍රශ්නයක් ඇතිකරගෙන ඇති අතර රෝහල් පොලිසියේ පොලිස් සැරයන් 51847 නිශ්ශංක නිලධාරියා විසින් ඔහුට එළියට යන ලෙස පවසා ඇතැයි අනාවරණය වී තිබෙනවා.
එම අවස්ථාවේ ඔහු විසින් මෙම නිලධාරියාගේ හිස ප්‍රදේශයට පහර දී ඇති අතර එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරිණිය මේ පිළිබඳ විමසූ අවස්ථාවේදී ඇයවද තල්ලුකර දමා පලා මෝටර් රථයකින් පළා ගොස් ඇති බව පොලිසිය පවසනවා.
එම මෝටර් රථයේ අංකයේ කොටසක් ආරක්ෂක නිලධාරිනියක් විසින් සටහන් කරගෙන ඇති බව අනාවරණය වී තිබුණා.
මේ වනවිට තුවාල ලැබූ පොලිස් නිලධාරියා මූලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය පවසනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන සිදු කරනවා.
Latest News
දුන්හිඳට රු. කෝටි 2ක වියදමින් නව නැරඹුම් මධ්‍යස්ථානයක්
Local
27 July 2026
සමස්ත ඩෙංගු මරණ 61න් මරණ 30ක්ම මෙම මාසයේදී
Local
27 July 2026
ගාසාවේ මරණ සංඛ්‍යාව 73,000 පනී: නිවාසවලින් 90%කටම හානි
Local
27 July 2026
152 වන වේල් පෙරහැර නිසා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
Local
27 July 2026
රෝගී පියා බලන්න ඇවිත් රෝහල් පොලිසියේ නිලධාරියාට පහර දී පලාගිය අයෙක් සොයා පොලිස් පරීක්ෂණ
Local
27 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
27 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
Local
27 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
Local
27 July 2026
දෙවිනුවර කාවඩි සාකච්ඡාව අවසන් : සියලු කණ්ඩායම්වලට අවසර
Local
27 July 2026
‘සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් රාජ්‍ය ප්‍රතිඥාවක්
Local
27 July 2026