දිවයිනේ විවිධ ප්‍රදේශවල ඊයේ (28) සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.
තිරුක්කෝවිල්, ගොතටුව, වාරියපොල, අතුරුගිරිය, තිස්සමහාරාම සහ හලාවත යන පොලිස් වසම් තුළ මෙම අනතුරු වාර්තා වී තිබුණා.
තිරුක්කෝවිල් පොතුවිල් මාර්ගයේ විනයාගපුරම් 01 ප්‍රදේශයේදී, පොතුවිල් දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ පස්දෙනෙකු තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී රථයේ පසුපස අසුනේ ගමන් කළ කණ්නන්කුඩා ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙනවා.
පිටකොටුව ගොතටුව මාර්ගයේ ගොතටුව නගරය ආසන්නයේදී, පිටකොටුව දෙසට ධාවනය වූ බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් කල්පිටියේ පදිංචි 37 හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරු මියගොස් තිබු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
මේ අතර, කුරුණෑගල පුත්තලම මාර්ගයේ වේරපොල ප්‍රදේශයේදී, පුත්තලම දෙසට ධාවනය වූ කාර් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරින් හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබුණා.
අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 06 කණුව ආසන්නයේදී, කෙරවලපිටිය දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ලොරි රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් නවතා තිබූ ටේලරයක් සහිත ප්‍රයිමූවර් රථයක ගැටී සිදුවූ අනතුරින් ලොරි රථයේ වම්පස අසුනේ ගමන් කළ ඉඳුවර ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක් මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
තිස්සමහාරාම වැව් බැම්ම මාර්ගයේ කිලෝමීටර් 06 කණුව අසලදී, දෙබරවැව දෙස සිට කතරගම දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී සිදුවූ අනතුරින් බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පදිකයා දෙබරවැව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
මේ අතර, බංගදෙනිය පල්ලම මාර්ගයේ 05 කණුව ආසන්නයේදී, පල්ලම දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටී සිදුවූ අනතුරින් පල්ලම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි යතුරුපැදිකරුවකු මියගොස් තිබුණා.
Latest News
ශ්‍රී ලංකාවේ සංචාරයට එන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි
Local
28 July 2026
නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය මහා පරිමාණ මැණික් ජාවාරමක් වටලයි - සැකකරුවන් 25ක් කොටු
Local
28 July 2026
හනුමාන් පිළිමයක් පෙන්වා මුදල් ගරන්න ගිය දෙන්නෙක්ට වැඩ වරදී
Local
28 July 2026
ධුර කාලය අවසන් වී යන චීන තානාපති සහ විපක්ෂ නායක අතර හමුවක්
Local
28 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.71යි
Local
28 July 2026
මතුගම සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයට
Local
28 July 2026
ඉරාන යුද්ධයට ඇමෙරිකානුවන්ගේ සහාය පහළට - Reuters මතවිමසුමෙන් හෙළිවෙයි
Local
28 July 2026
ගෙවුණු පැය 24දී දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් 6ක් මරුට
Local
28 July 2026
පළාත් 04කට නියඟයක අවදානමක්
Local
28 July 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
Local
28 July 2026