ඇසළ පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන "හිරු රාජ ධර්ම ප්‍රතිපදා වැඩසටහන", සම්බුදු සිරිපා පහසින් පූජනීයත්වයට පත් ඓතිහාසික කැලණිය රාජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මේ වන විට පැවැත්වෙනවා.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ පූර්ණ දායකත්වයෙන්, එතෙක් මෙතෙක් ඉතිහාසයේ දැවැන්තම දාන පාරමිතාව ලෙස, දහසක් වූ භික්ෂූන්වහන්සේ විෂයයෙහි මහා සංඝගත දක්ෂිණාව දෙවැනි වරටත් මෙහිදී පිරිනැමුණා.
එමෙන්ම, සත්බුදු වන්දනාව, පුෂ්ප පූජාව සහ සුවඳ දුම් පූජාව සමඟින් කැලණිය චෛත්‍ය රාජයාණන් ෂඩ්වර්ණ ආලෝකයෙන් බබළවන මහා අලෝක පූජාව අද (29) පස්වරුවේදී පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.
උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ශ්‍රද්ධාපූර්වක සංකල්පයක් මත ක්‍රියාත්මක "හිරු රාජ ධර්ම ප්‍රතිපදා" වැඩසටහන අද (29) අළුයම ආරම්භ වුණා.
උදෑසන සිටම දිවයිනේ නන්දෙසින් පැමිණි සැදැහැවතුන්ගෙන් කැලණිය පුදබිම පිරී ඉතිරී ගියා.
පැමිණ සිටි දහස් ගණනක් සැදැහැවතුන් අෂ්ඨාංග ශීලයෙහි පිහිටුවනු ලැබුවේ කැලණිය රාජමහා විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය දෙණියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත ස්වාමීන්වහන්සේ විසින්.
එහිදි උදෑසන ධර්ම දේශනාව සිදු කළේ පූජ්‍ය කොත්මලේ කුමාරකාශ්‍යප හිමියන් විසින්.
අමාදම් සිසිල ධර්ම සාකච්ඡාව රාජකීය පණ්ඩිත පූජ්‍ය බෝපැත්තේ සෝමානන්ද හිමියන්ගේ සහ මහාචාර්ය ප්‍රදීප් වීරසිංහගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.
අනතුරුව තිලෝගුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේ උදෙසා දහවල් සම්බුද්ධ පූජාව පවත්වා එතෙක් මෙතෙක් ඉතිහාසයේ සිදුකරන දැවැන්තම දාන පාරමිතාව ලෙස, භික්ෂූන්වහන්සේ දහස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාව පූජා කෙරුණේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම මහා දානමය පිංකම වෙනුවෙන් සකස් වූ දිගින් මීටර 300ක් ඉක්මවූ දාන ශාලාව එතෙක් මෙතෙක් ඉතිහාසයේ මෙරට ඉදිවූ විශාලතම දාන ශාලාව වීමත් සුවිශේෂී වනවා.
දානය සාංඝික කිරීම සිදුකළේ කැලණිය රාජමහා විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමියන් විසින්.
Latest News
ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් වෙයි
Local
30 July 2026
ග්‍රැමී සම්මාන උළෙලෙන් BTS ඉවත් වෙයි
Local
30 July 2026
මිනිසුන් රැගෙන යා හැකි ඩ්‍රෝන යානා ශ්‍රී ලංකාවේ ප්‍රවාහනයට
Local
30 July 2026
චීනයට අමෙරිකාවෙන් යළි රතු එළියක්
Local
30 July 2026
ලෝක පාපන්දු සම්මේලනයේ පෞද්ගලීකරණ සැලසුම හමුවේ UEFA සාමාජික රටවල් 55ක් ලෝක කුසලානය වර්ජනය කරන්න සැරසෙයි
Local
30 July 2026
පාකිස්ථානයේ සෞඛ්‍ය අර්බුදයේ බරපතලකම නැවතත් කරළියට
Local
30 July 2026
වෘත්තීය පුහුණුවට ආ බාලවයස්කරුවාට අපරාධයක් කළ 72 හැවිරිදි ගුරුවරයාට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඩුවම්
Local
30 July 2026
තද උණුසුම නිසා ජර්මනියෙන් මරණ 9,800ක් : උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 පනී
Local
30 July 2026
ත්‍රීරෝද රථයක් තුළ ආරවුල් ඇති කරගත් අඹුසැමි යුවළක් අත්අඩංගුවට
Local
30 July 2026
සෞඛ්‍ය සේවයේ නව පත්වීම් 1,444ක්
Local
30 July 2026