General29 July 2026

හොරෙන් ගෙනා මුහුදු කූඩැල්ලන් තොගයක් එක්ක12 දෙනෙක් නාවික හමුදා භාරයට

මන්නාරම සවුත්බාර් වෙරළ සහ ගොඩබිම් ප්‍රදේශ ආවරණය කරමින් ඊයේ (28) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මඟින් සහ බලපත්‍ර නොමැතිව ගොඩබිම් මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් සිටි මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ සැකකරුවන් 12 දෙනෙක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.
 
මෙම සෝදිසි මෙහෙයුමේදී මුහුදු කූඩැල්ලන් 14,072 ක්, ඩිංගි යාත්‍රා තුනක් සහ යතුරුපැදි දෙකක් ද සමග සැකකරුවන් 12 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට ලද තොරතුරකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 24 ත් 46 ත් අතර මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, භාරයට ගත් මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා, යතුරුපැදි සහ සැකකරුවන් වැඩිදුර නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දුන්න බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ.
Related recommendation
Hiru TV News | Programmes