මන්නාරම සවුත්බාර් වෙරළ සහ ගොඩබිම් ප්‍රදේශ ආවරණය කරමින් ඊයේ (28) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මඟින් සහ බලපත්‍ර නොමැතිව ගොඩබිම් මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් සිටි මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ සැකකරුවන් 12 දෙනෙක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.
මෙම සෝදිසි මෙහෙයුමේදී මුහුදු කූඩැල්ලන් 14,072 ක්, ඩිංගි යාත්‍රා තුනක් සහ යතුරුපැදි දෙකක් ද සමග සැකකරුවන් 12 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට ලද තොරතුරකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා.
අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 24 ත් 46 ත් අතර මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, භාරයට ගත් මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා, යතුරුපැදි සහ සැකකරුවන් වැඩිදුර නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දුන්න බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ.
Latest News
කුඩා වැව් රැසක් සිඳී යාමේ අවදානමක්! - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට ඉල්ලීමක්
Local
30 July 2026
භූමිකම්පාවකින් බලපෑම් එල්ල වූ ජපානයට ඉන්දියාවේ සහය
Local
30 July 2026
පියා බලන්න රෝහලට ගොස් පොලිස් නිලධාරියාට පහරදුන් ව්‍යාපාරිකයා අත්අඩංගුටව
Local
30 July 2026
වත්තල වෙඩි තැබීමේ සිද්ධියට ආධාර දුන් තරුණයෙක් කොටු
Local
30 July 2026
සුගීෂ්වර බණ්ඩාර අගෝස්තු 12 දක්වා යළි රිමාන්ඩ්
Local
30 July 2026
කොරියානු තානාපතිනිය හා අගමැතිවරිය අතර හමුවක්
Local
30 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.59යි
Local
30 July 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පාකිස්තාන ව්‍යාපාරිකයන්ට 'නිහඬ වීසා තහනමක්
Local
30 July 2026
බීර නිෂ්පාදනයට සහල් සහ සීනි භාවිතයට එරෙහි රිට් පෙත්සම ඔක්තෝබර් 02 දිනට කල් යයි
Local
30 July 2026
විපක්ෂ නායක සජිත් සහ එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් හමුවෙයි
Local
30 July 2026