භෞතික සංවර්ධනය කොයිතරම් සිදුවුවත් රටක සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම, හික්මීම සහ ආධ්‍යාත්මික වර්ධනය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කළුතර දකුණ, රෙමුණගොඩ කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම පුරාණ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ලෝහමය සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ නිරාවරණය කිරීමේ මහෝත්සවයට සහභාගී වෙමින් ඊයේ (28) අගමැතිනිය එසේ සඳහන් කළා.
මෙහිදී පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති බෙන්තර වල්ලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක, අතිපූජ්‍ය මලේගොඩ නන්ද නායක ස්වාමීන්වහන්සේ විසින් ලෝහමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරනු ලැබූ අතර, අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් බුද්ධ ප්‍රතිමාවහන්සේ උදෙසා මල් වට්ටියක් පූජා කරමින් ආගමික වතාවත්වල නිරත වූවා.
මෙහිදී පැමිණසිටි පිරිස ඇමතූ අගමැතිනිය මෙසේද පැවසුවා.
“වර්තමාන වේගවත් හා සංකීර්ණ සමාජ වටපිටාව තුළ අපේ ජනතාවගේ සිත්වලට වඩාත්ම අවශ්‍ය කරන්නේ සංයමය සහ ආධ්‍යාත්මික සැනසීමයි. අපි අහලා තිබෙනවා නේරුතුමා සිරගත වූ අවස්ථාවේත් අධ්‍යාත්මික සැනසීම වෙනුවෙන් සමාධිපිළිමයක් ළඟ තබාගත් බව. ඓතිහාසික කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම පුරාණ මහා විහාර භූමියේ මෙවැනි කලාත්මක ලෝහමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමත් මම දකින්නේ සමස්ත ප්‍රදේශයේම බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික සුවය උදෙසා සිදුවන අතිමහත් මෙහෙවරක් ලෙසයි.
විශේෂයෙන් ප්‍රදේශයේ ජනතාව සතුව පැවති ලෝහවලින් මෙවැනි ප්‍රතිමාවක් නිර්මාණය කිරීම අගය කළ යුතුයි. රටේ ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සහ විහාරස්ථාන සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් රජයක් ලෙස විශාල වගකීමක් පැවරී තිබෙනවා. ඒ වගකීම ඉටු කිරීමේදී බුද්ධ ශාසන අමාත්‍යංශය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා සුවිශේෂී කාර්යභාරයක් රජය මේ වනවිට ඉටු කරමින් යනවා.
විශේෂයෙන් ප්‍රදේශයේ ජනතාව සතුව පැවති ලෝහවලින් මෙවැනි ප්‍රතිමාවක් නිර්මාණය කිරීම අගය කළ යුතුයි. රටේ ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සහ විහාරස්ථාන සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් රජයක් ලෙස විශාල වගකීමක් පැවරී තිබෙනවා. ඒ වගකීම ඉටු කිරීමේදී බුද්ධ ශාසන අමාත්‍යංශය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා සුවිශේෂී කාර්යභාරයක් රජය මේ වනවිට ඉටු කරමින් යනවා.
මෑත කාලය තුළ දිවයින පුරා පිහිටි පෞරාණික විහාරස්ථානවල පැරණි බිතු සිතුවම්, ශිලා ලේඛන සහ චෛත්‍ය රාජයාණන්වහන්සේලා අනාගත පරම්පරාව උදෙසා සංරක්ෂණය කිරීමේ පියවර රැසක් ආරම්භ කළා. නගරයේ පමණක් නොවෙයි, දුරස්ථ ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි දුෂ්කර විහාරස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනයට මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමද මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා වේගවත් සිදු කරමින් තිබෙනවා.
ඓතිහාසික විහාරස්ථාන රැකගැනීම කියන්නේ හුදෙක් ගොඩනැගිලි නඩත්තු කිරීමක් නොවෙයි, අපගේ ජාතික අනන්‍යතාවය, සදචාරාත්මක පදනම සහ අගනා සංස්කෘතික උරුමය අනාගත පරපුරට සුරක්ෂිතව දායාද කිරීමක්. භෞතික සංවර්ධනය කොයිතරම් සිදු වුවත්, රටක සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම, හික්මීම සහ ආධ්‍යාත්මික වර්ධනය මතයි. භෞතික සම්පත්වලින් මෙන්ම ආධ්‍යාත්මික ගුණධර්මවලින් පෝෂණය වූ, නිදහස්, සාධාරණ සහ සහජීවනයෙන් පිරි ශ්‍රී ලාංකේය සමාජයක් ගොඩනැගීම රජයේ ද ප්‍රධාන අරමුණ යි.”
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කල්‍යාණි ධර්ම මහා සංඝසභාවේ අනුනායක අතිපූජ්‍ය මකුරුප්පේ සෝමාලංකාර ස්වාමින් වහන්සේ, විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය අතුරලියේ සෝමානන්ද ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව රණසිංහ, නන්දන පුෂ්පකුමාර, ප්‍රදේශයේ මහජන නියෝජිතයන්,කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, විහාරස්ථ දායක සභාවේ නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූණා.
Latest News
වැඩි මිලට වතුර බෝතල් විකුණූ දුම්රිය භෝජනාගාර ආයතනයකට ලක්ෂ 5ක දඩයක්
Local
31 July 2026
නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ
Local
31 July 2026
තීරණාත්මක නඩු තීන්දුවට මුහුණ දෙන්න හේමසිරි සහ පූජිත් අධිකරණයට එති
Local
31 July 2026
එල් නිනෝ බලපෑම දැඩි වෙයි: දිස්ත්‍රික්ක කිහිපයකට ජල හිඟ අනතුරු ඇඟවීම්
Local
31 July 2026
රුපියල ටිකක් හිනැහෙයි ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.33යි
Local
31 July 2026
ජපානයේ ටෝකියෝ නගරයේ උද්ධමනය ජූලි මාසයේදී ඉහළට
Local
31 July 2026
නේෂන් ලංකා ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම හෙට සිට
Local
31 July 2026
ලබන වසරේ ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වෙන නගර අයි.සී.සී.ය නිල වශයෙන් නිවේදනය කරයි
Local
31 July 2026
'රටම එකට' මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය වැරදිවලට මාස 09කදී තරුණයින් 7,866ක් අත්අඩංගුවට
Local
31 July 2026
විශාල ශබ්දයකින් පසු ඉන්දියාවේ සිව්මහල් ගොඩනැගිල්ලක් බිමට - 8 දෙනෙකුගේ සිරුරු හමු වෙයි
Local
31 July 2026