රුපියල් මිලියන 16.5 ක මුදලකට ඇඳි රහිත ප්ලාසටික් පුටු මිල දී ගැනීමේදී රජයට පාඩුවක් සිදු කිරීමේ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙක් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියම කර තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත්තේ, හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) පෝද්දිවල කංකානම්ගේ සුනිල් සහ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම් හා මෙහෙයුම්) සමරවීර ගමගේ විදුර ප්‍රසන්න යන අයයි.
දකුණු පළාත් ප්‍රධාන ලේකම් චක්‍රලේඛ (මුදල්) 3/2016 හි සඳහන් ප්‍රසම්පාදන බලතල සීමාවට පටහැනිව, 2019 වර්ෂයේදී මන්ත්‍රී ප්‍රතිපාදන මඟින් දකුණු පළාත් සංවර්ධන අධිකාරිය හරහා පුද්ගලික සමාගමකින් ඇඳි රහිත ප්ලාසටික් පුටු මිල දී ගනිමින් දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නිවාස කාර්යාල වෙත බෙදා හැරීමට සැකකරුවන් කටයුතු කර ඇති බව අල්ලස් කොමිසම පවසනවා.
එහිදී ගාල්ල දිස්ත්‍රික් පළාත් සභභා මන්ත්‍රීවරයෙකු වෙත නිකුත් කර තිබූ පුටු 305 ක් එම අය විසින් භාරගැනීම පරීක්ෂා කර ඇති බවත්, පසුව 2019.04.10 දින දකුණු පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසු, නැවත පුටු මිල දී ගෙන ලබා දෙන ලෙස එම මන්ත්‍රීවරයා විසින් කර තිබූ ඉල්ලීමක් මත (එම අයට හිමි මන්ත්‍රී ප්‍රතිපාදන රු. ලක්ෂ 03 අත්තිකාරම් පියවීමට කටයුතු කර තිබියදී), ආණ්ඩුකාරවරයාගේ ද අනුමැතියකින් තොරව නැවත ප්‍රසම්පාදන කටයුතු සිදු කර ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කරන්නේ.
එහිදී ගාල්ලේ වෙනත් පුද්ගලික ආයතනයකින් ඇඳි රහිත ප්ලාසටික් පුටු 408 ක් මිල දී ගනිමින්, අදාල මන්ත්‍රීවරයාගේ නිවෙස වෙත ප්‍රවාහනය කරවා භාර දීමට සැලැස්වීම මඟින් රජයට පාඩුවක් සිදු කර ඇති බවට මෙම විමර්ශනවලදී අනාවරණය වී තිබූ බව අල්ලස් කොමිසම පවසනවා.
Latest News
ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපති තනතුරට
Local
01 August 2026
බංග්ලාදේශයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන දැඩි අර්බුදයක
Local
01 August 2026
ඉන්දියාවෙන් ලංකාවට ලැබුණු සහනාධාර සහ සංවර්ධන ආධාර ඩොලර් බිලියන 7.5 ඉක්මවයි
Local
01 August 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
01 August 2026
පේරාදෙණිය කළුපාලම අලුත්වැඩියා බිමේ බැකෝ 2ක් ගිලෙයි
Local
01 August 2026
ජංගම ගිණුමේ හිඟය අඛණ්ඩව ඉහළට - ප්‍රේෂණවල ශක්තිමත් වර්ධනයක්
Local
01 August 2026
ජනපති අනුරගෙන් රුමේෂ් තරංගට සුබ පැතුම්
Local
01 August 2026
කොළඹට බටහිර මුහුදේදී වෙළෙඳ නෞකාවකින් බහාලුම් 17ක් මුහුදට වැටෙයි: ධීවර ප්‍රජාවට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026
මීගමුව ධීවර යාත්‍රා අනතුරේ අයෙකුගේ සිරුරක් හමුවෙයි: තවත් යාත්‍රා 3ක් සොයා මෙහෙයුම්
Local
01 August 2026
මීගමුව මුහුදේදී අනතුරට ලක්ව ඇතැයි පැවසෙන ධීවර යාත්‍රාවක් මුදා ගැනීමට ඒකාබද්ධ මෙහෙයුමක්
Local
01 August 2026