General29 July 2026

දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘රන්දෝලි මහ පෙරහර’ වීදි සංචාරය අරඹයි

දෙවිනුවර ඓතිහාසික උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන ඇසළ පෙරහරේ රන්දෝලි මහා පෙරහර අද (29) පස්වරු 5.54 ට යෙදුන සුබ මොහොතින් වීථි සංචාරය ආරම්භ කෙරුණා.

අවසන් රන්දෝලි මහා පෙරහර සඳහා උඩරට, පහතරට, සබරගමු හා නිර්මාණාත්මක නැටුම් කණ්ඩායම් 64 ක් හා අලි ඇතුන් 12 ක් පමණ එක්කර තිබෙනවා.

දෙවිනුවර පරම විචිත්‍රාරාම රාජමහා විහාරස්ථානයේදී ආගමික වතාවත් පවත්වා උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලය තුළදී වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ගල් උළුවස්ස පසුකොට සඳගල බැසීමෙන් පෙරහර වීථි සංචාරයට පිවිසුණු අතර පසුගිය දිනවලට වඩා විශාල ජනතාවක් පෙරහර නැරඹීම සඳහා එක්ව සිටි බවයි වාර්තා වෙන්නේ.

පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීම කෝටි ගජබා ඇත් රජු විසින් සිදු කළ අතර දේවාභරණ වැඩමවීම යක්කල ගජබා හස්තියා විසින් සිදු කළ අතර මංගල හස්ති රාජා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අතිකාරී වසන්ත ජයමිණි කුමාර විසින් සිදු කරනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes