General30 July 2026

බිරිඳ සමග උරණ වී කඹුරුපිටියේදී අධිබල විදුලි කණුවක් මත නැගි පුද්ගලයාට ලක්ෂ 02ක දඩයක්

සිය බිරිඳ සමග උරණ වී කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි අධිබලැති විදුලි කණුවක නැගි පුද්ගලයාට විදුලිබල මණ්ඩලයට සිදුවු අලාභය ලෙස රුපියල් දෙලක්ෂ එක්දහස් පනස් නමයයි ශත අනුවක මුදලක් ගෙවන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගිය 21 වැනිදා මෙම පුද්ගලයා අදාළ අධිබලැති විදුලි කණුවක නැගීම හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි කිරීමට සිදු වුණා.

මේ හේතුවෙන් තිහගොඩ, කඹුරුපිටිය, අකුරැස්ස, මුලටියන, දෙයියන්දර, මාවරල, දෙනියාය ඇතුළු ප්‍රදේශ රැසක පැය දෙකකට අධික කාලයක් විදුලිය පැවතියේ නැහැ.

ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත් වූ අතර, පසුව ඔහු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes