Business31 July 2026

2026 ජුනි මාසයේදී ඉදිකිරීම් කටයුතු ඉහළට

ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සඳහා වන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ (PMI) සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2026 ජුනි මාසයේදී 60.0ක අගයක්වාර්තා කළේය.

සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනා සඳහන් කළේ, පසුගිය මාසවලදී ප්‍රදානය කරන ලද ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මෙම වර්ධනයට ප්‍රධාන හේතුවක් වූ බවයි.

පසුගිය මාසයේ වාර්තා වූ ඉහළ ව්‍යාපෘති ප්‍රදානය කිරීම්වලින් පසුව, ජුනි මාසයේදී නව ඇණවුම් දර්ශකය ද අඩු වේගයකින් වුවද තවදුරටත් වර්ධනය විය.

ඉදිකිරීම් සමාගම් විසින් සේවක බඳවා ගැනීම් තවදුරටත් ඉහළ නැංවීම හේතුවෙන් සේවා නියුක්ති දර්ශකය ද ජුනි මාසයේදී ඉහළ ගියේය. කෙසේ වෙතත්, පවතින පුහුණු සේවක හිඟය පිළිබඳව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනා අවධානය යොමු කළහ.

ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයත් සමඟ තොග මිලදී ගැනීම් දර්ශකය ද මෙම මාසයේදී ඉහළ ගියේය. එසේ වුවද, විශේෂයෙන්ම බිටුමන් (තාර) වැනි ප්‍රධාන අමුද්‍රව්‍යවල පවතින හිඟය ඉදිකිරීම් කටයුතුවල වේගය සීමා කිරීමට හේතු වූ බව ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනා සඳහන් කළහ.

මේ අතර, ඇණවුම් සැපයීම සඳහා සැපයුම්කරුවන්ට ගතවන කාලය ජුනි මාසයේදී ද ඉහළ මට්ටමක පැවතුණි.

Related recommendation
Hiru TV News | Programmes