සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජ තානාපතිනී මියොන් ලී සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවුණා.
ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සිය ධූර කාලය තුළ ලබා දුන් සහයෝගය සහ දායකත්වය පිළිබඳව මෙහිදී අගමැතිනිය සිය කෘතඥතාව ඇය වෙත පළ කළා.
වාරිමාර්ග හා අධ්‍යාපන ක්ෂේත්‍ර ඇතුළුව කොරියානු ජනරජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදෙන සහයෝගය පිළිබඳව ද මෙහිදී අගමැතිනිය විසින්කො රියානු ජනරජයට සිය ස්තුතිය පළ කරනු ලැබුවා.
දෙරටේ අන්‍යෝන්‍ය ප්රතිලාභ ආරක්ෂා වන පරිදි ගුණාත්මක ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ ද්විපාර්ශ්වික වෙළඳ හා ආර්ථික සහයෝගීතා තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කරන බවද අගමැතිනිය මෙහිදී අවධාරණය කළා.
කොරියානු ජනරජයේ සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් ඇතුළුව කෘෂිකර්මාන්තය හා දේශගුණික විපර්යාස යන ක්ෂේත්රවල දැනට පවතින සහ අනාගත සහයෝගීතා අවස්ථා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.
මෙම අවස්ථාව සඳහා කොරියානු ජනරජ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානිය වන එන්ජි කෑං, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
Latest News
රාගම ග්‍රාම සේවා වසම් 3කට පැනවූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ
Local
02 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නංවන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට නීතිපති අනුමැතිය
Local
02 August 2026
විදේශීය දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙක් කටුනායකදී කොටු
Local
02 August 2026
මහර බන්ධනාගාර ගැටුමෙන් ගොඩනැගිලි රැසකට හානි
Local
02 August 2026
රත්මලාන වෙඩිල්ලත් කංජිපානිගේ
Local
02 August 2026
කොළඹ වරාය අසල මුහුදට වැටුණු කන්ටේනර් පෙට්ටියක් ඉඳුරුව වෙරළේ
Local
02 August 2026
බන්ධනාගාර පද්ධතියට පැලැස්තර දැමීම නතර කර වහා ප්‍රතිසංස්කරණය කරන්න - නාමල් රාජපක්ෂ
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන් - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ: සිරකරුවන් සිරමැදිරිවලට සීමා කරයි
Local
02 August 2026
මහර බන්ධනාගාරය සහ අවට ආරක්ෂාව තහවුරුයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Local
02 August 2026