General30 July 2026

"සිලෝන් ටී විලේජ්" ප්‍රවර්ධනයට කෝටි 23ක අතිරේක ප්‍රතිපාදන

"සිලෝන් ටී විලේජ්" තේ ගම්මාන 500 ව්‍යාපෘතිය වේගවත් කිරීම සදහා රුපියල් කෝටි 23.7කට වැඩි අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් ආරම්භක තේ ගම්මාන 144හි ආදර්ශ වගාවක් ඇති කිරිම සඳහා රුපියල් මිලියන 68ක්ද, ප්‍රමිතියෙන් යුත් පැළ තවාන් සකස් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 169ක මුදලක් ද ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් වෙන් කිරිමටයි සැලසුම් කර ඇත්තේ.

2030 වසර වන විට මෙරට නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරාගැනීමේ අරමුණින් මෙම "සිලෝන් ටී විලේජ්" වැඩසටහන ක්‍රියාත්මක වනවා.
Related recommendation
Hiru TV News | Programmes