General30 July 2026

පේරාදෙණිය සරසවියට දිවියෙකුගේ බියක්

පේරාදෙණිය විශ්වවිද්‍යාල පරීශ්‍රය තුල සැරිසරන දිවියෙකු නිසා දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් සිසු සිසුවියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ පසුගිය ජනවාරි මාසයේ උඩ පේරාදෙණිය රක්ෂිතයේ සිට පැමිණෙන දිවියා විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට අයත් ගොවි පොළක සිට මී ගව පැටියෙකු මරා දැමීම කිරීමත් සමගයි.

මේ සම්බන්ධයෙන් අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත්ගෙන් කල විමසීමක දී ඔහු කියා සිටියේ සිසු සිසුවියන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සලකා මෙම දැනුම් දීම සිදුකල බවයි.

එමෙන්ම මෙම දිවියා සම්බන්දයෙන් වනජීවි දෙපාර්තමේන්තුවට දැනුවත් කල බවත් පශු වෛද්‍ය පීඨයේ සත්ව ගොවිපොළ සදහා අමතර වැටක් සවිකිරීමට පියවර ගත් බවත් ඔහු සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes