චීනය විසින් ඉරානයට ආයුධ සැපයුවහොත් තමා "කණගාටුවට" පත්වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති අතර, ටෙහෙරානයට ආයුධ අලෙවි නොකරන බවට චීන ජනාධිපති ෂී ජින්පින් තමාට පෞද්ගලිකව ලබා දුන් සහතිකය නැවතත් අවධාරණය කර තිබෙනවා.
ඕවල් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ට්‍රම්ප් මේ බව සඳහන් කළේ, සති කිහිපයක් ඇතුළත චීනයේ නිෂ්පාදිත කරමත තබාගෙන විදිය හැකි මිසයිල (shoulder-fired missiles) 400 ක් දක්වා වූ තොගයක් ඉරානය වෙත ලැබීමට නියමිත බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිරීමත් සමගින්.
"එහෙම වුණොත් ඒක හරිම පුදුමසහගත දෙයක් වේවි," යනුවෙන් ඕවල් කාර්යාලයේ සිටි මාධ්‍යවේදීන් හමුවේ ට්‍රම්ප් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
"මම අදහස් කළේ, ඔය වගේ දේවල් වෙන්න පුළුවන්, ඒත් ඒක ඇත්තටම පුදුම හිතෙන දෙයක් වේවි. ඔහු (ෂී ජින්පින්) මේකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා මට ඉතාම ස්ථිරවම කිව්වා. ඔහු එහෙම කළොත් මම දැඩි ලෙස කණගාටුවට පත්වන බව ඔහු හොඳින්ම දන්නවා," යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වා තිබෙනවා.
විදේශීය පාර්ශ්වයන්ගේ සහාය ඇතිව සිය නිශ්චිත සන්නද්ධ ශක්තිය නැවත බලගැන්වීමට ඉරානය සක්‍රීයව උත්සාහ කරන මෙවන් මොහොතක, චීනය විසින් ඉරානයට නව ගුවන් ආරක්ෂණ පද්ධති ලබා දීමට සූදානම් වන බවට CNN පුවත් සේවය වාර්තා කළ බුද්ධි තොරතුරු ඇගයීම්වලින් පසුව මෙම තත්ත්වය මතුව තිබෙනවා.
ටෙහෙරානයට ආයුධ සැපයීමට එරෙහිව අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය සතියේදී චීනයට සහ රුසියාවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා.

Latest News
ඇල්ජීරියාවේ මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 25ක් මරුට : 44කට බරපතල තුවාල
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණයට නව යුද හමුදාපතිත් එයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය අවට ග්‍රාම සේවා වසම් 3කට පමණක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය (UPDATE)
Local
01 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට පෙර ජනපති හමුවක් ඉල්ලමින් නීතිඥ සංගමයෙන් ලිපියක්
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ නිරීක්ෂණයට බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානා යොදවයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය පිටතත් නොසන්සුන්
Local
01 August 2026
අද රාත්‍රියේ මිලිමීටර 100ට වැඩි තද වැසි
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් එක් අයෙකු මියගොස් තවත් 06 දෙනෙකුට තුවාල
Local
01 August 2026
මහර බන්ධනාගාර පරිශ්‍රයේ ගොඩනැගිල්ලක ගින්නක්
Local
01 August 2026
නෞකාවකින් මුහුදට වැටුණු හිස් බහාලුම් දකුණු දෙසට පාවෙයි: ධීවර යාත්‍රාවලට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026