General31 July 2026

මාසික ඉන්ධන මිල සංශෝධනය අද?

මාසික ඉන්ධන මිල සංශෝධනය අද (31) බොහෝ දුරට සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව අද දිනයේදී ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙරට ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊයේ දිනයට සාපේක්ෂව අද උදෑසන වනවිට ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලෙහි සුළු පහළ යාමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 89.69ක් ලෙස සටහන් වූ අතර, ඩබ්ලිව් ටී අයි බොර තෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 84.5ක් ලෙසයි.
Related recommendation
Hiru TV News | Programmes