General01 August 2026

පේරාදෙණිය කළුපාලම අලුත්වැඩියා බිමේ බැකෝ 2ක් ගිලෙයි

මහවැලි ගඟේ පේරාදෙණිය කළුපාලමේ අලුත්වැඩියාව සඳහා ගෙනවිත් තිබූ බැකෝ යන්ත්‍ර 2ක් ගං වතුරට යටවී තිබෙනවා.

දිට්වා ආපදාවෙන් හානියට පත් පේරාදෙණිය කළුපාලමේ අලුත්වැඩියාවන් සිදු කෙරෙන වැඩ බිම මේ අනුව සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී පවතිනවා.

ඊයේ (31) රාත්‍රියේ සිට පවතින අධික වර්ෂාවත් සමගයි මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes