General01 August 2026

මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් තුවාල ලැබූ බව කියන රැඳවියන් 04 දෙනෙකු රාගම රෝහලට

මහර බන්ධනාගාරයේ අද (01) ඇතිවූ සිද්ධියෙන් තුවාල ලැබූ බව කියන රැඳවියන් සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බව අප වාර්තාකරු පවසනවා.

මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ හදිසියේ මතුවූ මෙම නොසන්සුන් තත්ත්වයත් සමඟ බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) කණ්ඩායම් කිහිපයක් යෙදවීමට පියවර ගැනුණා.

මේ අතර, බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය පාලනය කර සමථයකට පත් කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයා හරහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes