ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ නැංවීම සඳහා ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වහාම වේලාවක් වෙන්කර දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව අද (01) දින යොමු කර ඇති ලිපියක් මගිනුයි මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ.
එහිදී, අදාළ සංශෝධනය මගින් ධුරයේ නියුතු විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම පමණක් සිදු කිරීම අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි මහජනයා තබා ඇති විශ්වාසයට අහිතකර ලෙස බලපෑ හැකි බව නීතිඥ සංගමය පෙන්වා දෙනවා.
ශ්රේෂ්ඨාධිකරරණයේ සහ අභියාචනාධිකරණයේ අනුමත විනිසුරු සංඛ්‍යාව මෑතකදී ඉහළ නංවා ඇති බැවින්, විශ්‍රාම වයස ඉහළ දැමීමට තරම් හදිසි ආයතනික අවශ්‍යතාවක් නොමැති බව නීතිඥ සංගමය එම ලිපිය මගින් සඳහන් කරනවා.
එමෙන්ම, මෙවැනි තීරණාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තාවකාලික අවශ්‍යතාවන් මත සිදු නොකළ යුතු අතර, විනිවිදභාවයෙන් යුත් මහජන පැහැදිලි කිරීමක් සහ අදාළ පාර්ශවයන්ගේ පුළුල් සාකච්ඡාවකින් පසුව පමණක් සිදු කළ යුතු බව ඔවුන් අවධාරණය කරන්නේ.
නීතිඥ සංගමය පවසන්නේ තමන් මීට පෙර යොමු කළ ලිපියට මෙතෙක් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර, තම අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදීමට පෙර අමාත්‍ය මණ්ඩලය අදාළ යෝජනාව අනුමත කර ඇති බවයි.
කෙසේ වෙතත්, පසුව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සමඟ පැවති සාකච්ඡාවේදී නීතිඥ සංගමයේ ස්ථාවරය ජනාධිපතිවරයා වෙත දැනුම් දෙන බවටත්, ජනාධිපතිවරයා සමඟ හමුවක් ලබාදීමට කටයුතු කරන බවටත් පොරොන්දු වූ බව එම ලිපියේ දැක්වෙනවා.
ඒ අනුව, ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන තෙක් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තවදුරටත් කිසිදු පියවරක් නොගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටිනවා.
අධිකරණයේ ස්වාධීනත්වය, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ආයතන කෙරෙහි මහජන විශ්වාසය ආරක්ෂා වන අයුරින් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා එම හමුව ප්‍රයෝජනවත් වනු ඇති බව ද නීතිඥ සංගමය සිය ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.

Latest News
ට්‍රම්ප් - ඉරාන සාකච්ඡා ආරම්භයත් සමග ලෝක වෙළඳපොළේ තෙල් මිල 5%කින් පහළට
Local
03 August 2026
ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප් අත්හිටුවයි : දෙරට අතර සාකච්ඡා අදම
Local
03 August 2026
තද වැසි හේතුවෙන් හැටන් - නුවරඑළිය පාසල් අවශ්‍ය පරිදි වසා තැබීමට අවසර
Local
03 August 2026
පළාත් රැසකට වැසි සහ තද සුළං: ස්ථාන කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
Local
03 August 2026
උඩුනුවර, යටිනුවර ඇතුළු ප්‍රදේශ රැසක මහවැලි පහත්බිම්වලට ගංවතුර අවදානමක්
Local
03 August 2026
දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
Local
03 August 2026
මුතූර් 59 කණුව අසලදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටෙයි: තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
02 August 2026
ග්‍රීසියේ ලැව්ගිනි නිවන හෙලිකොප්ටර් දෙකක් ගුවනේදී ගැටෙයි : දෙදෙනෙකු මරුට
Local
02 August 2026
යුරෝපයේ ලැව්ගිනි 1,400කට අධික සංඛ්‍යාවක්: වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් ටොන් මිලියන 18ක් එක්වෙයි
Local
02 August 2026
ප්‍රසූතියට දින දෙකක් තිබියදී මවයි බිළිඳයි දෙන්නාම ඩෙංගු මාරයා රැගෙන යයි
Local
02 August 2026