International02 August 2026

ග්‍රීසියේ ලැව්ගිනි නිවන හෙලිකොප්ටර් දෙකක් ගුවනේදී ගැටෙයි : දෙදෙනෙකු මරුට

ග්‍රීසියේ ව්‍යාප්ත වෙමින් පවතින දැවැන්ත ලැව්ගිනි පාලනය කිරීමේ මෙහෙයුම්වල නිරතව සිටි හෙලිකොප්ටර් යානා දෙකක් ගුවනේදී එකිනෙක ගැටී අනතුරට ලක්වීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (02) සිදුවූ මෙම අනතුරෙන් ඩෙන්මාර්ක ජාතික නියමුවෙකු සහ ග්‍රීක ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ යානාවල සිටි බ්‍රිතාන්‍ය ජාතික නියමුවෙකු සහ තවත් ග්‍රීක ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

මේ වන විට සමස්ත යුරෝපය පුරාම දැඩි උණුසුම් කාලගුණයත් සමඟ ලැව්ගිනි තත්ත්වය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින අතර, එම ගිනි නිවීමේ අභියෝගාත්මක මෙහෙයුම් අතරතුරදී මෙම අනතුර සිදුව තිබෙනවා.

මූලාශ්‍රය - බීබීසී
Related recommendation
Hiru TV News | Programmes