General02 August 2026

රත්මලාන වෙඩිල්ලත් කංජිපානිගේ

රත්මලාන - කඳවල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට බඩෝවිට අවිශ්ක නමැත්තා මෙහෙයවා ඇත්තේ විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් බවට විමර්ශනවලදී අනාවරණවී තිබෙනවා.

ඊයේ (01) පස්වරුවේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ රත්මලානේ කුඩු අංජු නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් රැස්කරන්නෙකු බවටයි වාර්තා වුණේ.

57 හැවිරිදි පුද්ගලයා ප්‍රියන්ත නමැත්තෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.

වෙඩිතැබීම බඩෝවිට අවිශ්කගේ පාර්ශවයෙන් සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

එසේම, මෙම වෙඩිතැබීම, පසුගියදා බෙල්ලන්විලදී අවන්හල් හිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට පලි ගැනීමක් ලෙස සිදුකරන්නට ඇති බවට ද පොලිසිය සැක කරනවා.
Related recommendation
Hiru TV News | Programmes