දඹුල්ල ප්‍රදේශයේ පැයක කාලයක් තුළ සිදුවූ රිය අනතුරු තුනක් හේතුවෙන් මවක් සහ දියණියක් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසනවා.
අද (03) දින දඹුල්ල මූලස්ථාන පොලිසිය ඉදිරිපිටදී පළමු අනතුර සිදුවූ අතර, මාතලේ දෙසින් දඹුල්ල උසාවිය දෙසට යතුරුපැදියකින් යමින් සිටි මවක් සහ දියණියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණා.
අනතුර හේතුවෙන් ලොරි රථය දඹුල්ල පොලිසිය ඉදිරිපිට කානුවකට වැටී ඇති අතර, ඉදිරියේ වූ එහි වූ පොලිස් දැන්වීම් පුවරුවකට ද හානි වී තිබුණා.
මෙම අනතුර සිදුවී විනාඩි පහකට පමණ පසු, දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ජලාශ හන්දියේදී දෙවන අනතුර වාර්තා වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මාර්ගය හරහා ගමන් කරමින් සිටි පුද්ගලයකු මෝටර් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ සහායෙන් ඔහුද දඹුල්ල රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
පසුව, දඹුල්ල නගරය මධ්‍යයේ පිහිටි දඹුල්ල - කැකිරාව බස් නැවතුම් ස්ථානය අසලදී තෙවන අනතුර සිදුව තිබුණා.
එහි නවතා තිබූ ලොරි රථයක පිටුපස බස් රථයක් ගැටීමෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇතැයි පොලිසිය පවසනවා.
සිද්ධීන් සම්බන්ධයෙන් දඹුල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Latest News
ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට අදාළ යෝජනා ගැනීමට සමගි ජන බලවේගය තේරීම් කාරක සභාවක් ඉල්ලයි
Local
04 August 2026
අයහපත් කාලගුණය හමුවේ ඉදිරි විභාග ගැන විශේෂ සාකච්ඡාවක්
Local
04 August 2026
බොර තෙල් මිල තවත් පහළට
Local
04 August 2026
ලොව විශාලතම විනිසුරුවරුන්ගේ සංගමයත් විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරයි
Local
04 August 2026
තමන් සාකච්ඡා කරන්නේ අමෙරිකාව සමග නොව ඕමානය සමග බවට ඉරානයෙන් ප්‍රකාශයක්
Local
04 August 2026
ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්
Local
04 August 2026
රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය අද ආරම්භ කෙරේ
Local
04 August 2026
දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්
Local
04 August 2026
සුළඟේ වේගය ඉහළට: මුහුදු නොයන්නැයි ධීවරයින්ට තවදුරටත් උපදෙස්
Local
04 August 2026
අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 07 දක්වා ඉහළට
Local
04 August 2026