International04 August 2026

තමන් සාකච්ඡා කරන්නේ අමෙරිකාව සමග නොව ඕමානය සමග බවට ඉරානයෙන් ප්‍රකාශයක්

ඉරානය සමග සාකච්ඡා නැවත ආරම්භ කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති පසුබිමක ඉරානය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ඉරානය ප්‍රකාශ කර ඇත්තේ තමන් සාකච්ඡාවල නිරතව සිටින්නේ අමෙරිකාව සමග නොව ඕමානය සමග බවයි.

වාණිජ නැව්ගත කිරීම් නැවත ආරම්භ කිරීමට ඉඩ සැලසීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තාවකාලික මාර්ගයක් සම්බන්ධයෙන් අවබෝධයකට පැමිණීම පිණිස තමන් මෙලෙස ඕමානය සමග සාකච්ඡා කරමින් සිටින බවයි ඉරානය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඉරානයේ මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, ඉරාන නායකත්වය පිළිගත නොහැකි ලෙස දෙබිඩි බවයි.
Related recommendation
Hiru TV News | Programmes